( දිල්රුක්ෂි ග්‍රේරු)
වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් ලබා දී ඇත.
පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් පැන නැඟුණු විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ සොයාබැලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
බන්ධනාගාරවලට රැගෙන එන නීතී විරෝ්ධි ද්‍රව්‍ය උපකරණ පරීක්ෂා කිරීම මෙන්ම ප්‍රධාන දොරටුවල රාජකාරී කටයුතු සිදු කිරීම සඳහාත් 2011 වසරේදී මෙම බුද්ධි අංශය පිහිටුවා ඇත.
බන්ධනාගාර ජේලර්වරුන් හා නියාමකවරුන් 170 දෙනකුගෙන් සමන්විතව තිබු මෙම බුද්ධි අංශය අද (26) පස්වරුවේ සිට විසුරුවාහැරීමෙන් අනතුරුව ඔවුන් සාමාන්‍ය රාජකාරීවල යොදවා ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටින් පිටින් ගහන්නේ නැතුව ඇයි අපේ බලධාරීන්ට බන්ධනාගාරය තුල මොබයිල් ෆෝන් බ්ලොක් කරන්න තරම් ශක්තියක් නැත්තේ? ඒක වහාම කළා නම් ප්‍රශ්නය 99%ක් ම විසඳිලා. බන්ධනාගාර කොමසාරිස් දැන් අවුරුදු ගණනක ඉඳල ඒක කරන්න දෙන්නේ නැහැ.
ඕක විසුරුවා හැරලා මදි කුඩු ජාවාරමට සම්බන්ධ කට්ටිය අල්ලලා එල්ලන්න ඕනේ.
හොඳ ආරම්භයක්.
බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරිමේන්ම පමණක් දූෂණ, අක්‍රමිකතා නවතා දැමිය හැකිද. වැලිකඩ බන්ධනාගාරය පමණක් නොව බන්ධනාගාර පද්ධතිය ගැන ගැබුරු සහ පුළුල් අධ්‍යයනයක් කළහොත් දූෂණ හා අක්‍රමිකතා එක කාරණයක් පමණක් වේ. උදාහරණයක් ගතහොත් දරුණු ගනයේ සිරකරුවන් කුඩු ජාවාරම් කරුවන්ට බන්ධනාගාරයේ සේවය කරන නිලදාරීන්ගේ සහයෝගය ක්‍රම දෙකකට ලබාගත හැකිය. එක ක්‍රමයක් නම් මුදලට බන්ධනාගාර නිලදාරීන් ගැනීමය. දෙවන ක්‍රමය නම් බන්ධනාගාරවල සිටින අවංක නීතිගරුක නිලදාරීන්ගේ සේවය ජාවාරම් කරුවන්ට මුදලට ලබාගැනීමට නොහැකිනම් දුෂිත නිලදාරීන් මාර්ගයෙන් නීතිගරුක නිලදාරීන්ගේ සියලු පුද්ගලික තොරතුරු ලබාගැනීමට ජාවාරම්කරුවන් සමත්වේ. එම ලබාගත් තොරතුරු හරහා අවංක නීතිගරුක නිලදාරීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට මරණ තර්ජන කර නීතිගරුක නිලදාරීන් යටත් කරගැනීමට ජාවාරම් කරුවන්ට හැකියාව තිබේ. එවිට නීතිගරුක නිලදාරීන්ට පවා තම රැකියාව සහ නිතිගරුක බව පසෙකට දමා ජාවාරම් කරුවන්ට අකමැත්තෙන් උවද සහයෝගය දීමට සිදුවනු ඇත. විසදීමට ඇති එකම පිළියම නම් කුඩු ජාවාරම්කරුවන් සදහාම වෙනම බන්ධනාගාරයක් පිහිටුවා ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරීමය.
පැරකුම් මහත්මයා කියන විදිහට උපකරණ සවි කලොත් ඇතුලේ කෙරෙන බිස්නස් නතරවෙලා බන්ධනාගාර අධිකාරිට මාසෙකට රුපියල් කෝටි ගණනක පාඩුවක් විදින්න වෙනවා, කවුද කැමති තමන්ගේ පසුම්බියට තට්ටු වෙනවට,