
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ අද (19) සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් එහි ‘‘වයි‘‘ වාට්ටුවේ සඟවා තිබූ ජංගම දුරකථන 29 ක් සහ බැටරි 170 ක් ඇතුළු දුරකථන ආම්පන්න තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
බුද්ධි අංශය විසින් පිට පිට අවස්ථා හතරකදී සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථන ඇතුළු ආම්පන්න තොගය අත්අඩංගුවට ගෙන ඇත.
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතා පත්වී මාසයක් ඇතුළත අත් අඩංගුවට ගත් ජංගම දුරකථන 1135 ට මෙම ජංගම දුරකථන තොගයද ඇතුළත් වන බව බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර කතන දුර සිට ඇවිදින්...