IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ කොස්තාපල්වරයා යළි රිමාන්ඩ්

( උපාලි ආනන්ද සහ  පියදාස සමරවීර)

වැලිඔය පොලිසියේ  අත් අඩංගුවේ සිටි  15 හැවිරිදි බාල වයස්කාර පිරිම් දරුවෙකු වැලිඔය පොලිස් ස්ථානයතුලදීම  බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය රිමාන්ඩ් බාරයට පත් කර සිටින  පොලිස් කොස්තාපල්වරයා මේ මස 13 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන  මහේස්ත‍්‍රාත්  නිලූකා ප‍්‍රියදර්ශනී මහත්මිය   නියෝග කළාය.

මෙම සිද්ධියට අදාල පැමිණිල්ල අද (6)  පදවිය  සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේ  වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය  මෙසේ නියෝග කරනු ලැබුවාය.

මෙලෙස තවදුරටත් රිමාන්ඞ් කලේ වැලිඔය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් (58918) අජිත් නැමැත්තෙකි.

15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනයට ලක්ව වූ බව කියන දින රාත‍්‍රියේ මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ  දුරකථන ක‍්‍රියාකරු ලෙස සේවය කර ඇති බව පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණ  විය.

දැනට බන්ධනාගාරයේ පසු වන මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා මේ  මස 13  වන දින හදුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි කිත්සිරි බංඩාර මහතාට මෙදින නියෝග කළ වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය  අපයෝජනයට ලක්ව ඇති බව කියන දරුවාද එදිනට අධිකරණයට රැගෙන එන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පරිවාස  නිලධාරීන්ටද නියෝග කරනු ලැබීය.

වැලිඔය  පොලිසිය තුළදී අපයෝජනයට ලක්ව ඇති බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා පරිවාස බලධාරීන්ට  සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියට සිද්ධිය පිළිබඳව  මුල් ප‍්‍රකාශය ලබා දෙමින් පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීෙමි චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මගින් පසුගිය මැයි මස 8 දා අත් අඩංගුවට ගත් බවයි. 

එසේ අත් අඩංගුවට ගෙන පසු දින  (9)  පදවිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය  පොලිසිය තුළ රඳවා තබා ගත් බවද ප‍්‍රකාශ කර ඇති අපයෝජනයට ලක් වූ දරුවා එදින රාත‍්‍රියේ  වැලිඔය පොලිසිය  තුළ සිටියදි එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් තමන් බරපතල ලෙස අපයෝජනය කල බවද සදහන් කර ඇත.



අදහස් (0)

වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ කොස්තාපල්වරයා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site