(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මේ දිනවල පැතිර ඇති වෛරස් උණ වසංගතය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ලබන 10 වැනිදා තෙක් සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බව මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් සංවර්ධන සංගමයේ ලේකම් ප්‍රින්සී තමරා මනෝරී ඉලංගම්ගේ මහත්මිය අද (04) පැවසුවාය.
දකුණේ මේ දිනවල ව්‍යාප්ත වී තිබෙන වෛරස් උණ වසංගතය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇය ඒ බව කීවාය.
තමන්ට ලැබෙන මුදලට වඩා පෙර පාසල් දරුවන්ගේ ජීවිත වටිනා නිසා එම තීරණය ගත් බවද ඇය සඳහන් කළාය.
මාතර දිස්ත්‍රික් පෙර පාසල් සංවර්ධන සංගමයේ සභාපති දකුණු පළාත් සභා මන්ත්‍රී සරත් ද අල්විස් හා එහි උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd