IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වරාය නාවික ජාතික ප්‍රතිපත්ති මසක් ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා

(අංජුල මහික වීරරත්න)


වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්තිය මසක් ඇතුළත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය. 
 
මේ වන විට කෙටුම්පත් කර ඇති වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මාසයක කාලයක් තුළ එම ක්ෂෙත්‍රයේ විවිධ පාර්ශ්වයන්ගෙන් සහ මහජනතාවගෙන් අදහස් ලබා ගන්නා බවත් එසේ මහජන අදහස් ලබා ගෙන සකස් කරන අවසාන ලියවිල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
එයින් පසුව එය වරාය සහ නාවික ක්ෂේත්‍රයන්ට අදාළ ජාතික ප්‍රතිපත්තිය වශයෙන් එය සම්මත කෙරෙනු ඇති බව කී අමාත්‍යවරයා ඒ හරහා ඉදිරි වසර කිහිපය තුළ එම ක්ෂේත්‍රයන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය හිමිවනු ඇති බව ද සඳහන් කළේය.
 
මේ වන විට කෙටුම්පත් කර ඇති එම ප්‍රතිපත්තියේ මුල් පිටපතක් ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික ක්ෂේත්‍රයන්හි නියෝජිතයන්ට ලබා දීමේ ඉකුත් සතියේ වරාය සහ නාවික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. එහිදී මෙම ලියැවිල්ලේ  අන්තර්ගතය සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇති කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි. 
 
වරාය යනු මෙරට ආර්ථිකයේ ජීවනාලිය බව කී අමාත්‍යවරයා එය ශක්තිමත් කිරීමට නම් පුළුල් සහ ඉදිරිගාමී ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, සෑම පාර්ශවයකගේම සහයෝගය ඒ සඳහා ලබා ගත යුතු බවත් අවධාරණය කළේය. 
 
වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්පත් කමිටුවක් විසින් මෙම ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කොට ඇති අතර එම පිරිසට ද අමාත්‍යවරයා මෙහිදී සිය ස්තුතිය පළ කළේය.
 
අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති ජාතික ප්‍රතිපත්තියේ පළමු කෙටුම්පත එළිදක්වන උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 



අදහස් (4)

වරාය නාවික ජාතික ප්‍රතිපත්ති මසක් ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා

sudath Monday, 04 February 2019 06:08 AM

කියන දේ කරන්න

:       0       21

අනුර Monday, 04 February 2019 07:02 AM

අපට අදහස් ඔන්ලයින් දැමීමට හැකිවන පරිදි කෙටුම්පත අන්තර්ජාලයට මුදා හරින්නකෝ...

:       0       20

gamini Monday, 04 February 2019 11:39 AM

2015 ජනවාරි අටෙන් පසුව කොළඹ වරායේ කිසිම සංවර්ධනයක් නොකරපු එකද ප්‍රතිපත්තියක් වශයෙන් එළිදැක්වෙන්නේ ?

:       4       47

එස්.රත්නායක. Monday, 04 February 2019 10:41 PM

"..වරාය සමනල උද්‍යානයක් කොට සුද්දන්ට ලාබෙට විකුණා රට සංවර්ධනය කරන්නට දිවුරා පොරොන්දු වෙමි..."

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site