IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


වරිපනම් බදු ඉහළ නැංවීම වසර දෙකකට අත්හිටුවයි

(ඩයනා උදයංගනී)

පළාත් පාලන ආයතන මගින් අයකරන වරිපනම් බදු වසර දෙකක් යන තුරු ඉහළ නොදැමීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.
 
සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන මගින් වසර 5න් 5ට වරිපනම් බදු තක්සේරුව ඉහළ නංවන බවත් මේ වන විට වසර 10කින් එය ඉහළ නංවා නොමැති නිසා මෙවර කිහිප ගුණයකින් බදු ඉහළනංවන්නට එම ආයතන සැලසුම් කර තිබුණු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
 
නමුත් කොවිඞ් වසංගතය තත්ත්වය යටතේ එසේ බදු ඉහළ දැමීමෙන් කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට මෙන්ම මහජනතාවට වන පීඩාව වැළැක්වීමේ අරමුණින් වරිපනම් බදු ඉහළනැංවීය වසර දෙකක් යන තෙක් අත්හිටුවීමට රජය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
 
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
 
පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.
 
ඒ අනුව පළාත් පාලන ආයතන විසින් නව තක්සේරු මත සිදුකරන බදු වැඩිකිරීම වසර දෙකකට නවතා දැමීමට අවශ්‍ය විධිවිධාන සැකසීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරා දී ඇතැයිද ඇමතිවරයා කීවේය.
 
මීට අමතරව එදිරිසිංහ සමූහ ව්‍යාපාරය ඇතුළු මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කර තැන්පත් මුදලත්, පොළියත් නොලැබීමෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහනයක දිය හැකිද යන්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වෙන බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
 
  මේ වන විට මෙම තැන්පත්කරුවන් අදාළ ආයතන සමඟ අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ගොස් ඇති නිසා අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වන තෙක් කිසිඳු සහනයක් දීමට නොහැකි බව මහ බැංකුව අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇතත් ජනතාවට කුමන හෝ සහනයක්දීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බව ද හෙතෙම කීවේය.



අදහස් (2)

වරිපනම් බදු ඉහළ නැංවීම වසර දෙකකට අත්හිටුවයි

උදය Thursday, 28 May 2020 11:35 AM

කලයුත්තේ වරිපනම් බදු ඉහල නැංවීම නොව වරිපනම් බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන්ගෙන් එම මුදල් අයකර ගැනීමය. ගම්පහ මහනගර සභා ප්‍රදේශය තුල වරිපනම් බදු නොගෙවන නිවෙස් විශාල ප්‍රමානයක් තිබෙනවා. නගර සභාව එම පාඩුව පියවා ගන්නේ වරිපනම් බදු ගෙවන පුද්ගලයන් ගෙවිය යුතු ගාස්තුව ඉහළ දැමීමෙනුයි. ගිය අවුරුද්දේ මගේ ගෙදරට රුපියල් 5000 ක් පමන ගෙව්වා මේ අවුරුද්දේ ගාස්තුව 6000 ට වැඩිවෙලා.

:       0       0

amarasiri Thursday, 28 May 2020 12:45 PM

ගුණ්ඩු !!! චන්ද ගුණ්ඩු !!! රටේ ශතයක්වත් නැතිව ඉන්දැද්දී මේවා කරන්න පුලුවන්ද...? ඡන්දෙන් පස්සේ ඔය ටැක්ස් ඩබල් කරනවා. බැහැ කියන අයට හමුදාවෙන් දමලා ගහනවා. ඔබ මේවාට මුහුණ දෙනවාද, නොවෙන්නට වගබලා ගන්නවාද කියන තීරණය රටවැසියා සතුයි.

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 398 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 445 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site