වර්ගවාදය ඉවසිය නොහැකි බවත් වර්ගවාදී ක්‍රියාකාරකම් සිදුවෙද්දි නොදැක්කා සේ සිටිය නොහැකි බවත් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (3) ප්‍රකාශ කළහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මරණයට පත්වී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාප්තුමෝ ඒ බව සඳහන් කළහ. එහෙත් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු මිනියැපොලිස් නගරයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාද පාප්තුමන්ගේ විවේචනයට ලක්විය.
මිනියැපොලිස් නගරයේ ඇති වූ විරෝධතා ‘‘ස්වයං-විනාශයක් සහ ස්වයං-පරායක්’’ යැයි ද පාප්තුමෝ කීහ.
‘‘අපිට කිසිසේත්ම වර්ගවාදය ඉවසන්න බැහැ. වර්ගවාදය පැතිර යද්දි නොදැක්කා සේ ඉන්න බැහැ. ඇස් කන් පියං ඉන්න බැහැ. එහෙත් ප්‍රචණ්ඩත්වයෙන් කිසිවක් ලබාගන්නත් බැහැ. ප්‍රචණ්ඩත්වයෙන් වෙන්නේ මහා විනාශයක්’’ යැයි පාප්තුමෝ පැවැසූහ.
‘‘වර්ගවාදී පාපයේ ගොදුරවක් වී ජීවිත අහිමි වූ සියලුදෙනා වෙනුවෙන් අපි යාඥා කරමු’’ යැයි ද පාප්තුමෝ කීහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් හි පොලිසියේ සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්විය. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ රටපුරා විරෝධතා ඇති වූ අතර මේ වනවිට තවත් රටවල් රැසකට ව්‍යාප්ත වී ඇත. පොලිස් ප්‍රචණ්ඩත්වයට විරුද්ධව සාමකාමී අයුරින් ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරහේ ට්‍රම්ප් බයිබලේ අතේ අරන් දෙවියන්ට යාඥ කරනවා, මෙහෙ ඔබවහන්සේ වෙනමම දෙවියන්ට යාඤා කරනවා. මට නම් පෙනෙන්නේ දෙවියන්ටත් මේ කාලේ කරකියාගන්න දෙයක් නැතුව ඉන්නේ...?
කතෝලික සභාව මිලියන 65ක් පමණ යුරෝපයේ මිනිසුන් මරා දැමූපසු, ඉන් ගැලවීමට යුරෝපයෙන් බේරීගොස් ජීවත්වීමට සොයාගත් රට තමයි ඇමෙරිකාව.
ඉතාලිය හා යුරෝපය පුරා කොටි පිනුම් ගහනවා පේන්නේ නැද්ද මුන්නාන්සේට?
ඔබවහන්සේ ඉතාම පොඩි පව්ලකින් ආපු උත්තමයෙක්ඔ. ඔබවහන්සේට ඇතිවන කරුණාව දයාව දෙවියන්ටවත් නැත. ඇමරිකාවේ අවුරුදු 200 ක පමණ කාලයක සිට කළු ජාතිකයන්ට කරන අඩත්තේට්ටම්කම් නිසා එම වේදනාවට තමයි මිනිසුන් නොයක් ආකාරයට හැසිරෙන්නේ. බොහෝ දෙනෙක් පෙළපාලි යන්නේ සාධාරණය ඉෂ්ටකර ගැනීමට. ඔබවහන්සේ ලොවට දෙන පණිවිඩය අපි කව්රුත් අගය කරමු.
අපේ රටේ ත්‍රස්තවාදීන් පරාජය කළාට පස්සේ ඔවුන්ගේ මානව හිමිකම් ගැනම කතා කරන ජාත්‍යන්තර සංවිධාන ටික කොහේ ගියාද නෑ.. මේ ප්‍රශ්නයේදී... කළු ජාතිකයටත් ඩයස්පෝරාවක් තිබ්බා නම් ඩොලර් වලින් කාගෙ කාගෙත් කටවල් හොල්ලන්න තිබ්බා...
කතෝලික පල්ලියේ ඉතිහාසය ගැන මෙතන තප්පුලන බොහෝ අයට පන්සලේ වර්තමානය නොපෙනෙන එකනේ පුදුමේ? කරකියා ගන්න දෙයක් නැතිව බයිබලය අතට ගත්තු ඇමරිකාවේ ජනාධිපතිව දැක්ක බොහෝ අය ලංකාවේ තක්කඩි දේශපාලකයින් පන්සල් වලට රිංගලා කරන රංගනය පෙනෙන්නේ නැහැ වගෙයි... ජාතිවාදය, ආගම්වාදය දඩමීමා කරගෙන බලයට පැමිණෙන කොයි තක්කඩියත් අවසානේ නතර වෙන්නේ ආගම අස්සේ තමයි...
අනුන්ගේ පල්ලි හදන්න කලින් පන්සල් හදාගන්න...
තොණ්ඩමන්ගේ අවමගුල කරලා පොසොන් එකට ගෙවල් ඇතුලට හිරවෙලා ඉඳගෙන දෙවියන්ට බනින එක, එක අතකින් සාධාරණයි. ලංකාව සිංහල බෞද්ධ රටක් කියමින් උජාරුවෙන් කයිවාරු ගහන සිංහල බෞද්ධයා, දේශපාලකයින් විසින් හුරතලේට ඇතිකරන බලු කුක්කන් රැලක් වෙලා. දේශපාලකයින් විසින් එහාට මෙහාට අදින ඉත්තෝ වගේ. පූජකයන්, දේශපාලකයින්ගේ වහල්ලු වෙලා. බුදුදහමත් දේශපාලනයට හරවා ගත්තු මේ අමනයින්ට දෙවියන් වහන්සේ දුන්නු හොඳ දඬුවමක් තමයි මේක... අර කතාවක් තියනවනේ.., දෙවියන් විසින් යමෙකුව විනාශ කරන්න කලින් ඔවුන්ව පිස්සන් බවට පත්කරන බව... අන්න ඒක තමයි දැන් මේ වෙලා තියෙන්නේ. පිස්සුවෙන් වගේ දොඩවලා ලියලා තියන අදහස් දැක්කම, ඔවුන්ට දෙවියන්ගේම පිහිටයි කියලා තමයි කියන්න තියෙන්නේ.
තවම තේරුනේ නැත්ද? මෙතෙක් කාලයක් දෙවියන්ගේ ඉගැන්වීම් විකෘති කරගෙන පල්ලිවලට මුවාවෙලා ලෝකේ පුරාම අනෙකුත් මිනිසුන්ට එරෙහිව කරපු අමානුෂිකකම් වල ශාපයට තමයි දැන් ඉරිදාගානේ පල්ලි යන ඔහෙලගෙ ඉතාලියේ, ස්පාඤ්ඤයේ, පෘතුගාලයෙ ඉඳලා අැමරිකාවෙ, දැන් ලතින් රටවල ස්වභාව ධර්මයාගෙන්ම මාස කීපයක් තිස්සෙ හොඳටම බැටකන්නේ.
දෙවියන් මුලික වූ ආගම් වල උගන්නන්නේ ඉල්ලුවොත් ලැබෙනවා කියල .බුදුදහමේ අපිට උගනන්නේ දුන්නොත් ලැබෙනවා (දානයේ කුසල් සංස්කාරයන් )