(ආරියදාස කොඩිතුවක්කු, අශෝක තිලකරත්න)
වීරකැටිය නගරයේ දී අද(17) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ පිහි ඇනුමක දී තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
රවිඳු නිම්සර ගාර්දියවසම් (22) නමැති තරුණයකු පිහි ඇනුම් කා මියගොස් ඇති අතර වීරකැටිය නගරයේ පැවති ඇසළ මේලා සැණකෙළියේ රාත්‍රී සංගීත සංදර්ශනය නරඹා ආපසු යමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී තිබේ.



COMMENTS
මොකටද ඕවා බලන්නයන්නේ . අපරාදෙනේ නිකම් ජීවිතයක් නැති කර ගත්තේ.
අපරාදේ ජීවිතයක් නෙතිඋනේ .
සතුටු වන්නට ඇසළ මේලාව බලන්න ගොස් ඉවරවුනේ එකෙක් මරාගෙන.තවෙකෙක් හෝ පිරිසක් ජීවිතය පුරා හිරේ ලගින්නට මගක් පාදාගෙන. දරු පවුල් කීපයක් අන්ත අසරණ මගකට මොහොතින් ඇද දමමින්. නිර්මල බෞද්ධ ධර්මය අපේරටේ විතරයි තියෙන්නේ කියා උජාරුවෙන් කෑ ගසන, පින් ඇති අය පමණක් ඉපදෙන්නේ මේ දේශයේ යයි බණ අසන අපි මොන තරම් පව් කරලා ඇතිද ලංකාවේ ඉපදෙන්නට. බෝ ගස් නැති මහත්මා ගති වලින් පිරිපුන්, නීත්‍යානුකුල නැති පිටරැටියන්ව පුරවැසි භාවය දී රැකගනිමු යැයි ආණ්ඩුවට මෛත්රියෙන් උපදෙස් දෙන පියතුමන්ලා සිටින ඉතාලියේ විසීමට අප කොතරම් පින් කර ඇත්ද යැයි මට සිතේ.මෙහි සිටින කතෝලික පියතුමන්ලා මොන තරම් බෞද්ධද යන්න මට නිතර සිතේ.