IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වියළි කාලගුණ‍ය වෙනස් කරමින් පළාත් කිහිපයකට වැසි

ඩයනා උදයංගනී

 
දැනට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වයේ මද වෙනසක් ඇතිකරමින් දිවයිනේ පළාත් කිහිපයකට අද (9) හෙට (10) සහ අනිද්දා (11) දිනවල සවස් කාලයේ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් මේ වන විට ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සවස 2.00න් පසු වැසිත්  උතුරු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිත් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා ලංකාදීපයට පැවසීය.
 
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල හා මාතලේ දිස්ත‍්‍රික්කයේ සමහර ස්ථානයන්හි මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු ස`දහන් කළේය.
 
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං, අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
 
එමෙන්ම සමහර ප‍්‍රදේශවලට අයිස් වැසි ඇතිවීමේ සුළු හැකියාවක් පවතින බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා කීවේය.
 
අන්තර් මෝසම ද මෙම මස අවසාන සතියේදී පමණ සක‍්‍රීයවනු ඇතැයි අපේක්‍ෂා කරන බව කී කසුන් පැස්කුවල් මහතා ඉන්පසු දිවයින පුරා වැසි ඇතිවන බව ද කියා සිටියේය.

 



අදහස් (0)

වියළි කාලගුණ‍ය වෙනස් කරමින් පළාත් කිහිපයකට වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 528 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 419 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site