(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අක්‍රියව පැවතීම නිසා නව අගවිනිසුරුවරයා පත්කිරීමත් නව ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවීමත් විශාල අර්බුදයක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (9) පස්වරුවේ පැවැත්වෙයි.
විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතායි. පාර්මේන්තුවේ කටයුතු අද ඇරඹෙන්නේ පස්වරු 1.00 ටයි. මෙම විවාදය පස්වරු 2.00 ට ආරම්භ වී පස්වරු 6.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණධීර මහත්මිය ලංකාදීපයට ඊයේ පැවැසීය. සති මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව, රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආර්ථීක අර්බුද ගැන මෙහිදී දීර්ඝව අදහස් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
COMMENTS
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අක්‍රියව පැවතීම කාගේ වරදද? රටේ මහජනතාවගේ වරද නිසා නම් වෙන්න බැහැ.
මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අය තමයි හැම දේටම වැරදි. ඔය ව්‍යවස්ථා සභාව නැතුව මේ පාර්ලිමේන්තුවට බැරිද ඔය වැඩ ටික කරන්න.