(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ මෝටර් රථයක් අටවන කිලෝමීටර් කණුව ආසන්නයේදී වියානා ඇලට පෙරලිමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
එලෙස මිය ගොස් ඇත්තේ අඹුසැමියන් වන අතර අතුරුදන්ව ඇත්තේ ඔවුන්ගේ දරුවෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ මැණීක්හින්න එම පවුලේ මව පියා සහ නිවුන් සහෝදරයින් දෙදෙනෙකු සිට ඇත.
අනතුර සිදුවිමත් සමග ප්‍රදේශවාසීන් එක්ව මෝටර් රථය හා දියේ ගිලුණූ මව පියා හා ඔවුන්ගේ එක් දරුවෙකු ගොඩගෙන මහියංගනය මූලික රෝහලට ඇතුලත් කළත් මව සහ පියා ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි කියයි. අනෙක් තරුණයා ප්‍රතිකාර ලබන අතර අතුරුදන්වූ තරුණයා සෙවීමේ කටයුතු සිදුවන බව පොලිසිය කියයි.


COMMENTS
ඇලට පෙරලුන ගමන් ඉක්මනින්ම මෝටර් රථය ගොඩට ගන්න හැකියාවක් තිබුනානම්, ප්‍රදේශවාසීන් මෙයාලව බේරාගන්නවා නියතයි..අතුරුදහන් වූ දරුවට කිසිදු අනතුරක් නොවේවායි කියා පතනවා.!
ආරක්‍ෂිත බැම්මක් දැන්වත් දාන්න
අනාරක්ෂිත තැන් වැටක් ගහන්න බැරිද දුම්රිය මගත් ඔය වගේමනේ. පාලකයෝ පිල් මාරු වේවි බෙදාගෙන කනවා. මහජන ආරක්ෂාව ගැනත් හිතුවොත් හොඳයි නේද යහපලානේ.
කසිකබල් ඉන්දියානු වාහන පැදවීම යනු තම පවුල සමග වේගයෙන්ම පරලොව ගමනාන්තය දක්වා යෑමය.
මෝටර් රථයේ කාර්මික දෝෂයක් හෝ රියදුරු මහතාට නින්ද ගිහිල්ලා මේ අනතුර උණාවත් දෝ කියා සිතුනා.
පිටිගල මිලානෝ හරි. දේසපාලුවන්ට ඕන ජනතාවට කසිකබල් වාහන ගන්න දීල , උන්ට සුඛෝපභෝගී වාහන ගන්නයි.. බදු අයකරන ක්‍රමය හදල තියෙන්නේ ඒවිදිහට. අපි හොඳ වාහනවල යනවට උන් කැමති නැහැ, ජනතාවට ආදරයක් තියෙනවනම් ආරක්ෂා සහිත හොඳ වාහන ගන්න ඉඩ දීල කසිකබල් ඉන්දියන් වාහන වලට බදු වැඩි කරන්න ඕන.
මෙය ජපන් වාහනයක්. වාහනේ මොන රටේ හැදුවත් ගැඹුරු වතුරට පෙරලුනොත් දීයෙ ගිලෙනවා
පිටිගල සහ නුවන් නොදන්නා දේවල් කියන්න එපා. හොදට බලන්න වාහනය දිහා. එක chevy කාර් එකක්. ඒවා හදන්නේ මහා ලොකු ඇමෙරිකාවේ.
උදය දන්නේ නැද්ද දැන් චෙවි ඉන්දියාවේ හදනවා කියල. චෙවි, සුසුකි, ෆෝඩ් මේ ඔක්කොම වාහන දැන් ඉන්දියාවේ හදනවා.