( දිනේෂ් උපේන්ද්‍ර)
වයඹ සරසවිය ආරම්භයට මත්තෙන් ආරක්‍ෂක අංශ කළ සෝදිසියකදී සිසු නේවාසිකාගාර කාමරයක තිබී සිම්පත් භාවිතාකිරීමට හැකිවන අයුරින් සකසා තිබූ අධිතාක්‍ෂණික උපාංගයක් හා සිම්පත් 26ක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් බාරයට ගෙන තිබේ.
යුද හමුදා කැලෑ ඇඳුමට සමාන ටී ෂර්ට් 3ක්, කොතලාවල ඇකඩමියේ සළකුණ සහිත ජැකට්ටුවක්, සමඟ බුර්කාව පැළදි කතක් ගිනි දැල් විසි වන කඩුවක් සහිත රුවක් පින්තාරු කළ ව්‍යාපාර අධ්‍යන මූල්‍ය පීඨයේ සංඛේත රැගත් ස්ටිකර් 90ක් ද මෙහි තිබී සොයාගෙන තිබේ.
රටේ උත්ගතව ඇති ආරාක්‍ෂිත අර්බුධ හේතුවෙන් පාසල් පරීක්‍ෂාවට ලක්කිරීමට සමගාමීව කුලියාපිටිය පොලිසියය හා යුද හමුදාව එක්ව සෝදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබිණි.
පරිශ‍්‍රය පරීක්‍ෂා කරනවිට නිවාඩු හේතුවෙන් සිසුන් නේවාසිකාගාර තුළ රැදීසිට නොමැති අතර විශ්ව විද්‍යාලයීය කාර්යමණ්ඩල විසින් දොරගුලූ හැර දමා අදාළ පරීක්‍ෂාවන්ට සහය දී තිබිණ.
එහිදී නොවාසිකාගරයට අමතරව දේශන ශාලා ශිෂ්‍ය අංගන මෙන්ම ශිෂ්‍ය මධ්‍යස්ථාන ආපනශාලා ඇතුලූව සියලූම පරිශ‍්‍ර පරීක්‍ෂාවක් ඒකාබද්ධව පොලිසිය සමගින් යුද හමුදාව දවස පුරා ක‍්‍රියාත්මක කර තිබිණි.



COMMENTS
පෝයට, ඉරිදට ඇරලා තියෙන සිකුරාදාට නිවාඩු, ඔලුවිල් සරසවිය??
මෙම උපකරණ සම්බන්දව පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ වලට සහයට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික්, පරිගණක සහ මෙකාට්‍රෝනික්ස් අංශ සම්බන්ද කරගන්න.
ඔය ටිකත් එක්කම කිව්වා නම් හරි නේද? ඕවා ළමයි අවසන් ව්‍යාපෘතිය කරන්න ගෙනාපු බඩු කියලා.
සියලුම සරසවි නේවාසිකගාර නිරන්තරයෙන් පරීක්ෂා කිරීම හොඳ දෙයක්... නොයෙක් අවස්ථාවල අනවසරයෙන් නේවාසිකාගාර වල සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගන්න එකත් වැදගත්...