විනීතා එම් ගමගේ
රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් ව්‍යාපාරිකයන්ට බදු දීමට සූදානම් වන නකල්ස් රක්ෂිතයේ පේ‍්‍රරණ කලාපයට අයත් ඉඩම් දැනට ලබාදී ඇති තක්සේරුවටම බදුගැනීමට සිවිල් සංවිධාන සූදානමින් සිටින බව මාතලේ දිස්ත‍්‍රික් සිවිල් සංවිධාන එකමුතුව කියයි.
අක්කරය රුපියල් 2856 ක් බැගින් මෙම ඉඩම් ව්‍යාපාරිකයන්ට බදුදීමට සැලසුම් සකස් කර ඇති අතර එම සැලසුම් අනුවම මෙම ඉඩම් බදු ගැනීමට සුදානම් බව ඇල්කඩුව වැවිලි සමාගමට හා රාජ්‍ය වැවිලි සංස්ථාවට ලිඛිතව දැනුම් දුන් බව සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගාමිණි ජයතිස්ස මහතා ලංකාදීපයට පැවැසීය.
එකී සමාගම් මඟින් මෙම ඉඩම් මිල දී ගැනීමට සැලසුම් කර ඇත්තේ සත්ව ගොවිපොළ ව්‍යාපෘතියක් සඳහා බවත් එවැනි ව්‍යෘපෘති වලින් නකල්ස් රක්ෂිතයේ ජෛව විවිධත්වයට හා මාතලේ බටහිර බෑවුමේ ස්වභාවික ජල මූලාශ‍්‍ර වලට හානි සිදුවෙන බවත් එම හානිය වැළැක්වීමේ අරමුණින් මෙසේ මිල දී ගැනීමට තීරණය කළ බවත් ජයතිස්ස මහතා සඳහන් කළේය.
මේ වනවිටත් මෙම ඉඩම් බරපතල ලෙස සෝදා පාලූවට ලක්වෙමින් පවතින බවත් මෙම ඉඩම් සංවර්ධනය වුවහොත් හායනය උග‍්‍ර වී ස්වභාවික ජල උල්පත් සිඳී යා හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පරිසර සංවිධාන හා සිවිල් සංවිධාන විසින් මෙම ඉඩම් බදු ගෙන පරිසරයට අගතියක් නොවන ආකාරයෙන් පරිහරණය කරන බවද ප‍්‍රදේශයේ ජනතාවගේ සහභාගිත්වයෙන් පරිසර පද්ධතිය යළි නිර්මාණය කරන බවද පැවසූ ගාමිණී ජයතිස්ස මහතා මෙම යෝජනාවට සිවිල් සංවිධාන මෙන්ම ආයතන හා ජනතාවගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ඇති බව ද ප‍්‍රකාශ කළේය.
තම සංවිධාන වල වැඩ පිළිවෙලට මහා සංඝරත්නයේ විශාල උනන්දුවක් ඇතැයි කී ගාමිණි ජයතිස්ස මහතා ඇසළ පෙරහැර යන මාවත්වල පිඬු සිඟා වැඩ ඉඩම් බදු ගන්නට මුදල් සොයා දෙන්නට පවා හිමිවරුන් ඉදිරිපත් වී ඇතැයි ද සඳහන් කළේය.
COMMENTS
ඉතා හොඳ වැඩක්. අක්කර කීපයකට දායකවීමට මම සුදානම්...
මමත් අක්කර කිහිපයකට දායකවීමට කැමතියි....දුශිතයින්ගෙන් අපේ ඉඩම් රැකගැනීමට පරිසර සංවිධාන තව තවත් ශක්තිමත් කල යුතුයි.
රටකට වෙච්ච විනාශයක්.. ආත්මයක් නැති දේශපාලන ගණන්කාරකම් වලට මේ කඳු පන්තිය සහ එහි පරිසරය ගැන තනි තීරණ ගන්නට හැකිනම්, මේ රට ගැන කවර කතාදැයි සිතිය හැක. සාමාන්‍ය ජනතාව ගැන කිසිඳු හැඟීමක් හෝ කැක්කුමක් නොමැති ආත්මාර්ථකාමී පිරිස් රටක පාලන අධිකාරියට එක් කිරීමට අවසර දුන් බුද්ධි හීන සියලුම දෙනා මේ රටේ පරිසරයට අද වෙන මේ භයානක විනාශයට වගකිව යුතුයි.
එහෙම කොහොමද? එතකොට අපිට අල්ලස්, කොමිස් ගෙවන්නේ කව්ද?
මමත් දෙනවා අක්කර 20ක් විතර ගන්න..
මමත් අක්කර 10 ක් ගන්න කැමැතියි.
මමත් අක්කර කිහිපයකට දායක වෙන්නම්.
මට ගොඩක් සල්ලි නැහැ , හැබැයි අක්කරයකට විතර දායක වෙන්න පුළුවම් අවස්ථාවක් දෙනවනම් කියන්න