IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විමර්ශන තොරතුරු ඇතුළත් වාර්තාවක් සඳුදා පාර්ලිමේන්තුවට - ලසන්ත

(ඩයනා උදයංගනී)
රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කළ යුතු සියලුම ආයතනවල විමර්ශන තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉතිහාසයේ පළමු වරට ලබන සඳුදා (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මෙම වාර්තාව 2015 වසරට අදාළව ඉදිරිපත් කෙරෙන අතර රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනය කළ යුතු ආයතන 831හිම තොරතුරු එයට ඇතුළත් බවද සභාපතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් මීට පෙර ඉදිරිපත් කර ඇත්තේ එය හමුවට වසරක් තුළ කැඳවූ ආයතන සුළු ප්‍රමාණයක විමර්ශන තොරතුරු පමණක් බව කී අලගියවන්න මහතා, විගණකාධිපති දෙපාර්තමේන්තුවත්, පාර්ලිමේන්තුවත් සම්බන්ධ කරමින් තොරතුරු පද්ධතියක් ඇතිකිරීම හරහා මේ වන විට සියලු ආයතන සම්බන්ධව තොරතුරු ලබාගත හැකිව ඇතැයි කීවේය.
එමෙන්ම 2016 වසරට අදාළ වාර්තාව මෙම වසර අවසන්වීමට පෙර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.
ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

විමර්ශන තොරතුරු ඇතුළත් වාර්තාවක් සඳුදා පාර්ලිමේන්තුවට - ලසන්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site