IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධයට ඉල්ලා කතානායකට ලියවිල්ලක්


 
 
සුජිත් හේවාජුලිගේ
 
විපක්ෂ නායක ධුරය ඇතුළු විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි ඉල්ලමින් එම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අස්සනින් සකස් කරන ලියැවිල්ල පාර්ලිමේන්තුව රැස්වන ලබන 7 වැනි දා කතානායක කරු ජයසුරිය මහතාට බාරදෙන බව එහි ජාතික සංවිධායක, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.


මේ දිනවල ඒ සඳහා මුලික කටයුතු කරගෙන යන බව කී අලහප්පෙරුම මහතා ලියවිල්ලට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 30 දෙනකු පමණ අද (27) වන විට අස්සන් තබා තිබිණැයි ද සඳහන් කරයි.


විපක්ෂනායක ධුරය ඇතුළු විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්ෂයට දෙන්නැයි එම විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයා හමුවී පසුගියදා ඉල්ලීමක් කළහ.


එහිදී කතානායකවරයා එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන්නැයි ඒ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබිණි.
 



අදහස් (6)

විපක්ෂයේ නිල අයිතිය ඒකාබද්ධයට ඉල්ලා කතානායකට ලියවිල්ලක්

Nandalal DE SILVA - France Friday, 27 July 2018 09:23 PM

අපෝ මෙහෙම බල තණ්හාවක් !!! ඊට පස්සේ අගමැතිකම, කතානායක පදවිය හරහා ගිහිල්ලා රටේ ජනාධිපති තනතුර දක්වාම ඔඩු දුවන්නත් බැරි නැහැ. දැන්මම හොඳ ඉසකුඩිච්චියක් නොදැම්මොත් ලෙඩේ බරපතල වෙන්න පුළුවන්...

:       0       8

rocky Friday, 27 July 2018 11:30 PM

කතානායකතුමනි, ඔන්න ඔය ඉල්ලන එක ලියවිල්ලක් නැත්නම් ඔප්පුවක් මගින් හරි සින්නක්කරේටම ඒ ගොල්ලන්ට දීල ඉවරයක් කරන්න!

:       0       0

paradunath kelin Saturday, 28 July 2018 05:29 AM

අනිච්චේ දුක්කේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂේ... අනේ අප්පේ !!!

:       49       206

sirimal Saturday, 28 July 2018 11:53 AM

ඒකාබද්ධය කියලා වෙනම බෝර්ඩ් ගහගෙන හිටියට ඔතන ඉන්න වැඩි දෙනෙක් ජනාධිපති වරයාගේ පක්ෂයේ නේද? වෙන්නේ නැති දේවල් ගැන කෙල හලනවාට වැඩිය ඔය කැඳ හැලිය නරක්වෙන එක නවත්වා ගත්තොත් තමා නුවණක්කාර වැඩේ."ජනවාරි 8 පරාජයෙන් පසුව පරිණාමය නොවූ රාජපක්ෂවාදී එක තැන පල්වෙන විපක්ෂයට ජනාධිපතිවරණයකට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් එබැවින් ඔවුන් ජනාධිපතිවරණයක් ලිස්සා යැවීම සඳහා කුමන්ත්‍රණයක යෙදී ඉන්නා බවත්" වාසුදේව නානායක්කාර කියා ඇත. ඔහු කියන්නේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ හෝ දිනේෂ් ගුණවර්ධන විය යුතු බවයි. වෙහෙස මහන්සි වී බණ්ඩාරණායක බලවේගයට එරෙහිව පොහොට්ටු බලවේගයක් අලුතින් නිර්මාණය කළ බැසිල් රාජපක්ෂ එය තවත් කෙනෙකුට නිකම්ම බන්දේසියක තබා පුද දේවියැයි සිතිය හැකි නොවේ. චමල් ආවොත් අන් සියල්ල කපා දමා ශෂීන්ද්‍ර ඉදිරියට ගනීවි යැයි බියක් පවුලේ අන් අයට නැතුවාද නොවේ. වාසුදේව ඉඟි කරන්නේ ජනාධිපතිවරණයකට කලින් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි හුවමාරුවකින් මහින්ද රාජපක්ෂ අගමැති කර අවශ්‍ය වැඩේ කරගත හැකි බවද? මහරගමදී කළා වගේ කවුරු හරි දමා මහින්ද බලයට ගේන වගක් එක වතාවක් කවුදෝ කිවා වගේ මතකය.

:       215       364

Chanak Los angeles Saturday, 28 July 2018 10:00 PM

දේශපාලකයන්ගේ තිබෙන්නේ ජනතා සේවයක් නොව බල අරගලයක් බව ජනතාව තේරුම් ගන්නේ කවදාද?

:       0       0

සතයපාල Sunday, 29 July 2018 07:46 AM

අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය ගෙනාවේ ඒක පරදින බව දැන දැනමය. එහෙම නොකර හිටියා නම් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අගමැතිවරයාට එරෙහිව ගෙනෙන විශ්වාස භංගයකින් ඔහු පරාජය වී සජිත් හෝ කරු අගමැතිවීම වලක්වා රනිල් ආරක්ෂා කරන්න තමයි ඒ දේශපාලන උපක්‍රමය පාවිච්චි කලේ. ඒ වගේම තමයි නියෝජ්‍ය කථානායක තනතුර සදහා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ තරග කරන විට ඇයව සැලසුම් සහගතව පරාජය කරමින් එ.ජා.ප.ය.ට නියෝජ්‍ය කථානායක ධුරය ලැබීමට සැලැස්වීම හරහා රනිල් නැවත ශක්තිමත් කිරිමත් ශ්‍රී.ල.නි. පක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලන වශයෙන් අනාත කරමින් හා ඒකාබද්ධය තවදුරටත් ශක්තිමත් වීම වළක්වමින් කටයුතු කිරීමෙන් මෙන්ම වර්ථමානයේ ව්‍යවස්ථාමය වශයෙන් හිමිකම් නොමැති බව දැනදැනත් විපක්ෂ නායක ධුරයට දෙමළ ජාතික සංධානය හා තරග කරන්නේ එමගින් ඔවුන් එ.ජා.ප.ය දෙසට තල්ලු කර 2020 ජනාධිපතිවරණයදී පොහෝට්ටුවෙන් කවරෙකු තරග කලද රනිල්ගේ ජයග්‍රහණය සහතික වීමට වන අතර එමගින් 2025 ජනාධිපතිවරණය නාමල්ගේ අපේක්ෂකත්වය ආරක්ෂා කර ගැනීමටත් එ.ජා.ප.යෙන් රනිල්ට ඉදිරිපත් වන්නට නොහැකි නිසා සජිත් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් රනිල් ඇතුලු මේ රට පාරම්පරික ධනවතුන්ගේ සහය නාමල්ට ලැබීමත්ය.

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13551 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 120 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 949 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site