(සිතුම් චතුරංග)

යාපනය-නුවර ඒ 09 මාර්ගයේ වවුනියාව,මුණ්ඩිමුරුප්පුව ප‍්‍රදේශයේදී අද (01) උදැසන වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.

විදේශගතව සිට පැමිණි පිරිසක් රැගෙන කටුනායක සිට යාපනය දක්වා ගමන්කළ වෑන් රථයක් නවතා තිබු ලොරි රථයක පිටුපසින් ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

වවුනියාව පොලිසිය පැවසූයේ අනතුරින් පසු වෑන් රථයේ රියදුරු මිනිත්තු 30කට ආසන්න කාලයක් වෑන් රථයේ සිරවී සිටි බවත් ප‍්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ‍්‍රමයක් දරා රියදුරු පිටතට ගෙන රෝහල් ගතකිරීමට කටයුතු කළ බවත් ය.

වෑන් රථය පැදවූ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය ප්‍රකාශ කරයි.