IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විනී මැන්ඩෙලා සමුගනියි

ජොහැන්නස්බර්ග්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු විනී මැන්ඩෙලා අද  (2) අභාවප්‍රාප්ත වූවාය.

 
ඇය දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳද වන්නීය. මිය යන විට ඇය 81 වැනි වියේ පසුවූවාය. 
 
විනී මඩිකිසෙලා මැන්ඩෙලා වඩාත් ජනප්‍රියට පත් වූයේ වසර 27කට පසු නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබා පිටතට පැමිණ ඇගේ අතින් අල්ලා ගෙන ඉදිරියට  එන අයුරු දැක්වෙන ඡායාරූපයත් සමඟය. එම අවස්ථාව දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති වර්ණභේදවාදයට එරෙහි සටනේ සංකේතාත්මක අවස්ථාවක් ලෙස ද හැඳින්වේ. 
 
කෙසේ නමුත් පසුකාලීනව නෛති සහ දේශපාලනික කරුණු නිසාවෙන් ඇගේ කීර්තිනාමයට හානි විය. ඇගේ ජනප්‍රියත්වය පහළ බැස්සේය. ඇය උපත ලැබුවේ 1936 වසරේදීය. ඒ එවකට ට්‍රාන්ස්කි ලෙස හැඳින්වුණු, නැගෙනහිර කේප් හිදීය. 
 
නිදහසින් වසර දෙකකට පසුව ඇති වූ මතභේද නිසා නෙල්සන් මැන්ඩෙලා සහ  විනී   මැන්ඩෙලාගේ  වෙන්වුණු අතර 1996 වසරේ දී දික්කසාද විය. එහෙත් ඇය මැන්ඩෙලා වාසගම අඛණ්ඩව භාවිත කළ අතර නෙල්සන් මැන්ඩෙලා සමඟ සබඳතා ද පැවැත්වූවාය. 

055



අදහස් (1)

විනී මැන්ඩෙලා සමුගනියි

Kumar Monday, 02 April 2018 10:53 PM

දකුණු අප්‍රිකාවේ සංවර්ධිත රටවල ලිස්ට් එකෙන් දුප්පත් රටක් බවට පත් කිරීමට මූලිකත්වය ගත්තේ නෙල්සන් මැන්ඩෙලා, විනී මැන්ඩෙලා ඇතුළු කලු ජාතිකයන් පිරිසක්

:       149       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 88 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site