නිශාන්ත කුමාර
පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා අද (5) උදෑසන සිය මව සමඟ පාපැදියක නැගී පාසලට යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා මහියංගන මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය ප්‍රතිකාර වලින් පසුව මීට සුළු වේලාවකට පෙර විභාගයට පෙනී සිටීම සඳහා තාවකාලික අවසරයක් මත රෝහලෙන් පිටව ගිය බව පොලීසිය පවසයි.
එහෙත් ඇයගේ මව තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය පවසයි.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වුයේ මහියංගණ හත්දත්තාව අක්කර 80 පදිංචි සයුරි සත්සරණී (10) සහ ඇගේ මව වන ඩී එම් සේපාලිකා කුමාරි (35) නැමැති මවක් හා දියණියකි.
COMMENTS
චූටි දුවේ තෙරුවන් සරණින් ඔයාට ජය ලැබෙනවා සිකුරුයි!
චූටි දුවේ තෙරුවන් සරණින් ඔයාට ජය ලැබෙනවා..........
සත්සරණී දුව, තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුව සහ විභාගයෙන් ඉහළ ජයක් පතමි.
පරිසර සංවිධාන යයි කියාගෙන ඉන්න රැළට මේ රටේ අවිහිංසක මිනිස්සුන්ගේ දුක හෝ ප්‍රශ්න කිසිදා අවබෝධ වෙන්නේ හෝ අවබෝධකර ගන්නේ නැහැ. මොකද ඔවුන්ගේ අඹු දරුවන් නාගරික පරිසරවල සුරක්ෂිතව ජීවත්වන නිසා.
විභාගයකට ලියන්න පුලුවන් තරමේ මානසික තත්වයකද මේ ලමයා ඉන්නෙ? මෙවෑනි අයට විබාගෙ වෙන දවසක තියන්න හරි, කෙලින්ම පාස් කරන්න හරි, පාස් ලකුණු ප්‍රමානය අඩු කරන්න හරි ඕනෙ නේද?
මේ පාර ශිෂ්‍යත්ව විභාගයට අලි මදිවට බඹරුත් හරහට ඉන්නවා.
මගේ දුවේ ... ඔයාට ජයසිරිමහ හාමුදුරුවන්ගේ පිහිටෙන් රුවන්වැලි මහා සෑ රජාණන්ගේ අාශීර්වාදයෙන් ජය ගන්න පුළුවන්... බය වෙන්න එපා මගේ පුතේ...
ඔබට ජය - ඔබ අපේ කාලේ වීරවරියක්...
මෙවැනි දේ සිදුවුනට පසු සෙත් පැතීමේ තේරුමක් නැහැ. වන ජීවී අමාත්‍යංශය විසින් යෝජනා කර තිබු පරිදි වසර එකහමාරකින් මෙවැනි අලින් ඉවත් කිරීම වහාම ක්‍රියාත්මක කොට, හැකිනම් එම කාර්යය වසරකින් නිම කල යුතුයි. මා සිතන්නේ වර්තමාන වන ජීවී අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ක්‍රියාව සඳහා හැකියාවක් ඇති අය කියායි.