IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වන අලියෙක් පාසල් ඇවිත් අලි කලබලයක්

( දිල්රුක්ෂි ග්‍රේරු) 
නව ලග්ගල පල්ලේගම  මහ විද්‍යාල  භූමියට අද  ( 20)  කඩා වැදුණු වන අලියෙකු  පැයක  පමණ  මෙහෙයුමකින් පසු අසළ ගඟ රක්ෂිතයේ  කැලෑවකට පන්නා දැමීමට කටයුතු කළ බව වනජීවී  නිලධාරීන් පවසයි.

 විද්‍යාලයේ   එක් පසෙක  ඇති කම්බි වැට කඩා දමමින්  අලියා පාසල් භූමියට ඇතුළු වී එහි  මෙහා  ඇවිදිමින්  සිට ඇති අතර  ඒ අවස්ථාවේ   පාසලේ සිටි සිසුන් හා  අවට ගම්වාසීහුද දැඩි කළබලයට පත්ව තිබේ.

අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව වනජීවී නිලධාරී හා පොලිසීය දැනුවත් කිරීමෙන් අනතුරුව  එම නිලධාරීන්  පැමිණ  පැයක  පමණ මෙහෙයුමකින් පසු  වන අලියා  අසළ ගඟ රක්ෂිතයේ  කැලෑව  එළවා දැමීමට කටයුතු කර ඇත.‍

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍යපෙළ  හදාරණ  සිසුන් පිරිසකට විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වෙන අවස්ථාවේදී මෙම  අනපේක්ෂිත සිදුවීම වී ඇති අතර   අවට  පාසල්  හි සිසුන්ද ඇතුළුව  සිසුන් 85 දෙනකු පමණ එම අවස්ථාවේදී  සම්මන්ත්‍රණයට සහභාගී වි සිට  තිබේ.

 සිදුවීමෙන් පාසලේ කම්බි වැටට පමණක් හානී සිදු වී ඇති අතර කිසිදු පුද්ගලයකුට හානී වී නැතැයි වනජීවි නිලධාරීයකු සඳහන් කළේය.



අදහස් (0)

වන අලියෙක් පාසල් ඇවිත් අලි කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site