වෙනිසියුලාවේ බන්ධනාගාරයක ඇතිවූ ගින්නකින් 68 කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලාවේ උතුරු ප්‍රදේශයේ වැලන්සියා නගරයේ පොලිස් මධ්‍යම රැඳවුම් බන්ධනාගාරයේ මෙම ගින්න හටගෙන ඇත.
සිරකරුවන් විසින් සිර කඳවුර බිඳ පලායාමේ උත්සාහයකදී සිරකරුවන්ට ලබා දී තිබු මෙට්ට කිසියම් හේතුවකින් ගිනිගෙන ඇති අතර එසේ ඇතිවූ ගින්නෙන් සිරකරුවන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය වැඩිදෙනා පිලිස්සුම් තුවාල හෝ හුස්ම ගැනීමට අපහසුතා නිසා මියගොස් ඇතැයි සඳහන් වේ. මූලික පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ පිරිමි සිරකරුවන් 66 දෙනෙකු සහ සිරකරුවන් බැලීමට පැමිණි කාන්තාවන් 2නෙක් මියගොස් සිටින බවයි.
සිද්ධිය ඇතිවූ බව දැනගත් වහාම රැඳවියන්ගේ පවුල්වල අය රැස්වී එහි කලබල ඇතිකළ බව වාර්තාවේ. රැස්වූ පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසියට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද සිදුවිය. කැරබොබො රජය ප්‍රකාශ කළේ මෙහි කුමක් සිදුවූවාද යන්න සොයා බැලීම සඳහා එරට ප්‍රාදේශීය රජය මෙන්ම මධ්‍යම රජයද වෙන වෙනම පරීක්ෂණ කරන බවයි. ඒ සඳහා තුන්දෙනෙකු ගෙන් යුක්ත කමිටුවක් මේ වනවිට පත්කොට තිබේ.
මේ අතර කැරබොබො ප්‍රාදේශීය රජය මියගිය රැදවියන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අදාළ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම සඳහා උපකාරක කණ්ඩායම් පත්කොට ඇති බව රජය පවසයි.
(255)
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙනිසියුලාවේ ගින්නකින් 68ක් මරුට