ඉන්දිකා රාමනායක
 
යුද අපරාධ සිදු කළ බවට     එල්ල කරන චෝදනාවලින් තමන්ගේ නමට විශාල කැළලක් සිදුවන බවත්,  රජය  වහාම මැදිහත් වී පියවර ගතයුතු බවත්  ජනරාල්  ජගත් ජයසුරිය මහතා   පැවසීය.
 
එළඹෙන  සඳුදා   විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී    තමන්ට එල්ල වී ඇති  චෝදනා සම්බන්ධයෙන්  දැනුම් දෙන බවත් ඒ මහතා කීවේය.
 
වන්නි ආඥාපතිවරයා වශයෙන් තමන් කටයුතු කළ සමයේ භටපිරිස් වෙත අනදීමක් සිදු නොකළ බවත්,    එම ධුරයේ කටයුතු කළ ද  සියලූ වගකීම් තමන් වෙත පැවරෙන්නේ නැති බවත් හෙතෙම සඳහන් කළේය.
 
වන්නි මෙහෙයුමේ භටපිරිස් වෙත ඉඳුරාම  අණදුන්නේ හිටපු යුද හමුදාපති  සරත් ෆෝස්සේකා මහතා බව කවුරුත් දන්නා කරුණක් බව ද,  ඒ මහතා මීට පෙර  අවස්ථා කිහිපයකදීම ඒ සම්බ්නධයෙන් ප්‍රකාශ කර තිබෙන බවද  ජයසුරිය මහතා කියා සිටියේය.