(ජුඩ් සමන්ත)
වෙන්නප්පුව - සින්දාත්‍රිය ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතරින් එක් සිසුවකු මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
ඉකුත් 14 වැනිදා සවස මෙම අනතුර සිදුවී ඇත. දියේ ගිලී අතුරුදහන්වී ඇත්තේ දංකොටුව - හාල්දඩුවන උළු මෝලක පදිංචිව සිටි රුවන් දුමින්ද (10) නම්වූ පාසල් සිසුවෙකි.
මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති සිසුවා සමග දිය නෑමට ගිය බව කියන අනෙක් සිසුවා ජීවිතය බේරා ගෙන ඇත.
දෙමව්පියන්ට හොරෙන් පා පැදියක නැගී දරුවන් දෙදෙනා මුහුදේ දිය නෑමට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය කියයි.
මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති සිසුවා සොයා ප්‍රදේශයේ ධීවරයින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd