(ඩබ්. ඒ. පියතිලක)
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ ගල්කොරියක ඉකුත් 26 වැනිදා සිදු වු හදිසි අනතුරින් මියගිය දෙදරු පියාට රුපියල් ලක්ෂ 15 ක වන්දි මුදලක් ලබා දෙන බව එම චින සමාගම මාධ්‍ය හරහා ප‍්‍රචාරය කර තිබු නමුත් මෙතෙක් කිසිදු මුදලක් නොලැබුණු බව ඔහුගේ බිරිය කියයි.
මැදිරිගිරිය නවනගරයේ ජි. පි. එස්. හංදියේ පදිංචි ඩබ්. ජි. දයාරත්න (39) මහතාගේ මරණය සිදු වි දැනට දින අටක් ගතවී ඇතැත් ඒ සම්බන්ධයෙන් එම සමාගමේ හෝ වෙනත් කිසිදු නිලධාරියකු තමන් සමග කතා කර නොමැති බව අනතුරෙන් මියගිය දයාරත්න මහතාගේ බිරිඳ විජිතා පි‍්‍රයන්ති මහත්මිය කියන්නීය.
COMMENTS