(චමිල් රූපසිංහ)
වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන් අද(3) සහ හෙට(4) අසනීප නිවාඩු වාර්තා කර රාජකාරි කටයුතු වලින් ඉවත් වි සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රාජකාරි අවරණ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් පී.ඒ.සී.එන්.බී. සුරවීර මහතා කියා සිටියේ 2017 ජුනි 30 වැනිදා වන විට අවම වශයෙන් වැඩබලන සහකාර අධ්‍යක්ෂ පත්වීම් ලබාදීම, හිඟ මුදල් සමග දිරි දීමනා ලබා දීම හා වන සත්ව අඩවි ආරක්ෂක 1 (මාණ්ඩලික ) ශ්‍රේණියේ නිලධාරීන්ට බලපා ඇති වැටුප් විෂමතාවය ඉවත් කිරීම යන විසදුම් යෝජනා හා තීරණ ඉටු නොවූ නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වු බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.