මොහොමඞ් බුහාර්ඩින් සහ කාංචන කුමාර ආරියදාස
ගලේවෙල දිසා රොහලේ පැවති රිය අනතුරු පෙරහුරු වැඩසටහනකට කඩා වැදුණු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එහි සිටි නිලධාරින්ට බැණ වැදීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවිය.
ගලේවෙල ප‍්‍රදේශිය ලේකම් කාර්යාලය හා මාතලේ දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ ඒකකය හා ගලේවෙල ප‍්‍රදේශීය රෝහල එක්ව අද (25) හදිසි ආපදාවක දී කටයුතු කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරිමේ පෙරහුරුවක් ගලේවෙල රොහලේදී සංවිධානය කර තිබිණි.
ඒ අනුව හදිසි අනතුරකදී සියලූ අංශ එක්ව කි‍්‍රයාකරන ආකාරය පිළිබඳව පෙරහුරුවක් පැවැත්වීම ආරම්භ වු අතර පසුව ඒ අනුව ලේ පේරා ගත් බරපතල තුවාල ලැබුවන් 10 දෙනෙකු වාහන වලින් රැගෙන විත් ගලේවෙල දිසා රොහලට ඇතුළත් කෙරුණූ අතර බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් මෙම පිරිස බරපතල තුවාල සිදුවී ඇති බව කියවිණි.
කොළඹ සිට පොලොන්නරුවට යමින් සිටි වනජිවි නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගලේවෙල දිසා රෝහල අසල සෙනඟ පිරි සිටින අයුරු දැක ඒ පිළිබඳ සොයා බැලීමට ගලේවෙල දිසා රෝහලට ගිය අතර එහි සිටි අයෙකු අමාත්‍යවරයාට පවසා ඇත්තේ බස් රථ දෙකක් ගැටී මෙන් මෙම තුවාලකරුවන් රෝහල් ගතකර ඇති බවත් වහාම කි‍්‍රයාත්මක වු අමාත්‍යවරයා සිය නිල රථය රොගීන් රැගෙන ඒමට අනතුර සිදුවු ස්ථානයට පිටත්වීමට උත්සාහ කළ විටදී එම ස්ථානයේ සිටි ආපදා කළමනාකරණ නිලධාරියකු කියා සිටියේ මෙය රඟපෑමත් බවත් මෙහි සිටි කිසිවෙකුවත් සත්‍ය තුවාලකරුවන් නොවන බවත්ය.
පසුව උරණ වු නියොජ්‍ය අමාත්‍යවරයා මෙය සංවිධානය කළ නිලධාරින්ට බනින්නට වුයේ රටම ආපදාවට ලක් වී ඇති මොහොතක ඒ පිළිබඳ කිසිවක් නොතකා නිලධාරින් රටට විහිලූ සපයන බවත් මෙයට වියදම් කළ මුදල ගංවතුරේ අසරණ වී සිටින අයකුට බත් පැකැට්ටුවක් ලබා දීමට හැකි බවත්ය.
දුර බැහැර සිට බෙහෙත් ගැනීමට උදැසන සිට පැමිණ සිටින රෝගීන් ගැන නොතකමින් මෙලෙස නිලධාරින් රඟපෑමට උදව් කිරිම ගැන තමන් දැඩි ලෙස කණගාටු වන බවත් මෙවැනි පෙරහුරු වැඩසටහන් ප‍්‍රදේශීය සභා හා ප‍්‍රදේශිය ලේකම් කාර්යාල ශ‍්‍රවනාගාරයක් තුළ පැවැත්වීමට හැකි බැවින් එසේ නොකරමින් මෙලෙස රොගීන් අපහසුතාවයට පත් කිරිම පිළිබඳ තමන් මේ නිලධාරින්ට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස වග කිවයුතු අංශ දැනුවත් කරන බව කියා සිටියේය.


ඡායාරූප - මොහොමඩ් බුහර්දින්
වීඩියෝ දසුන් - කාංචන කුමාර ආරියදාස
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කෙහෙල් ගහට කොටපු කුරුල්ලට වෙච්චදේ වගෙයි..
දැන් කොහෙද මෙතන හොට පටලවාගෙන තියෙන්නේ. පටලවාගෙන නෑ. මනුස්සකම දඩමීමා කරගෙන පටලවලා. ඇමතිතුමා ඇත්ත කතා කරලා තියෙන්නේ මෙතැනදී. මේ පරහුරු රගපාලා මිනිස්සුන්ගේ මොලේට කාවද්දන්න තරම් මන්ද බුද්ධික ජනතාවක් මේ රටේ නැහැ. අපරාදේ මේවට වියදම් කරන සල්ලි.
පව් හිත හොද මන්ත්‍රී. නමුත් මෙය පැවැත්විය යුත්තේ මේ ආකාරයටයි.
ඔය ඇමැති ඉන්නේ තවම 19 වැනි ශත වර්ෂයේද කොහෙද .
හොට පටලාවගෙන නෙමෙයි. මේ අය දන්නේ නෑ පෙරහුරුවක් කියන්නේ මොකද්ද කියලා
මේව තියෙන්නෙ මිනිස්සුන්ට උගන්නන්න නෙමෙයි.. රෝහල් කාර්යමණ්ඩලයට උගන්නන්න හදිසි අවස්තාවකදී කටයුතු කල යුතු ආකාරය.. සෑම රෝහලකම වගේ මෙවැනි පෙරහුරු පැවැත්වෙනවා..
පාලිත තෙවරප්පෙරුම ඇමති තුමාට වචනයක්. ඇත්තෙන්ම ඔබ ඉතා හොඳ පුදගලයෙක්. ඒත් තැන නොතැන සහ කල යුතු සහ නොකළ යුතු දේවල් දන්නේ නෑ. ඔබ මෙයට මැදිහත් නොවිය යුතුව තිබුනා.
හදිසි අවස්ථා පෙරහුරු ලෝකෙ කොහෙත් මෙහෙමයි. කාමරයක් ශාලාවක් ඇතුලෙ ඕව කරන්න බෑ. අපේ රටේ මෙවැනි පෙරහුරු හරි අඩුවෙන් රෝහල් කාර්‍ය මණ්ඩල වලට ලැබෙන්නෙ.
මෙවැනි පෙරහුරුවක් පැවැත්විය යුත්තේ අද වැනි රටේ ආපදා බහුල දිනක නොවේ. එවැන්නක් පැවැත්වීමට වඩාත් යෝග්‍ය වන්නේ රටේ ආපදාවක් නොමැති සාමාන්‍ය දිනයකයි. මගේ අදහසට අනුව, මෙහිදී නියෝජ්‍ය ඇමතිතුමාගේ හැසිරීමේ එතරම් වරදක් නැති බවයි.
එතුමා කල ක්‍රියාව නිවැරදියි. සාධාරණ සමාජයක් අගයන මේ රටේ නිර්භීත, යුක්තිගරුක ජනතාව ඔබ තුමා සමග සිටිනවා.
මේ මනුස්සයාගේ තියෙන මනුස්සකම මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.
අහිංසක රෝගීන්ට නාට්‍ය පෙන්වලා සතුටු කරවන සංදර්ශනයක් වගෙයි මේ රෝහල් කාර්ය මණ්ඩලය කරලා තිබෙන්නේ. නියෝජ්‍ය ඇමතිතුමාට ජයවේවා!!!
මට නම් හිතෙන්නේ රටේ ඉන්න වැඩි කොටසකට පිස්සු කියලයි. පිටරටකට වේලාම ඉන්න එක හොඳයි වගේ.
වර්තමානයේ බොහෝ රෝහල්, රඟහලවල් බවට පත්වී ඇති බව නම් අපි හැමෝම දන්නා කරුණක්. රෝගීන් පැත්තකට තියලා රෝහල් නළුවෝ වේදිකාවේ රඟන එක තමයි අපි දිනපතා නරඹන්නේ.
මේ සැරේ කොටලා තිබෙන්නේ කෙසෙල් ගසකට
ආයේ අමුතුවෙන් රගපාන්න දෙයක් නැ, රෝහල් සේවකයෝ දිනපතාම මේවට මුහුණ දෙනවනේ. හමුදා අභ්‍යාස වගේ ලෝකේ කොහෙවත් රෝහල් වල මේවා කරන්නේ නැ.ඇමති වරයා කතාව හරි .
පාලිත අැමතිතුමාට සෞඛය ඇමති කම දුන්නා නම් හොඳයි
මේ වගේ විවිධ වැඩසටහන් රෝහල්වල දීර්ඝ කාලයක සිට පවත්වනවා. හදිසි අනතුරු වලදී ක්ෂණිකව ක්‍රියාකලයුතු පිළිවෙල පොතෙන් ඉගෙනගන්න බැහැ. මීට අමතරව රෝහල් වල ඵලදායීතාවය දියුණු කරන ආකාරය, ඩෙංගු වැනි සුවිශේෂ රෝග වලට කරන ප්‍රතිකාර, සුනාමි, ගංවතුර නාය යාම, වැනි ආපදා තත්වයකදී ක්‍රියාකල යුතු ආකාරය පිළිබඳව මෙවැනි වැඩසටහන් නිරතුරුව සිදුකරනවා. ඕනෑම හදිසි තත්වයකට සෑම රෝහලක්ම සූදානම් කර තිබීමෙන් ජීවිත වැඩි ගණනක් බේරාගැනීමට පුළුවන්. මේ වැඩසටහන් සිදුකරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනු දැනුම අනුවයි.
රෝහල් කටයුතු අඩාල කරගෙන කරන මේ පුහුණු වීමේ ඇති ප්‍රතිඵලය කුමක්ද? හදිසි ආපදා තත්වයකට මුහුණ දෙන්න සාමාන්‍ය ජනතාව දැනුවත් නොවුණත් ලෝකයේ ඕනෑම රටක රෝහල් කාර්ය මණ්ඩලයක් ඊට මුහුණ දෙමට සුදානම්. එත්, අපේ රටේ සාමාන්‍ය ජනතාවටවත් තිබෙන දැනුම රෝහල් කාර්යමණ්ඩලයට නැති බව තමයි වැටහෙන්නේ. අවස්ථාවට නුසුදුසු, වැරදි වැඩේ කරලා තව නිවැරදි බව ඔප්පු කරන්නත් එනවා. ගරු නියෝජ්‍ය ඇමතිතුමා මේ සැරේ කොටලා තියෙන්නේ, කුනුවෙච්ච පුහු පොල් ගෙඩියකට.
ගිනස් වාර්තාවක් වගේ! ඇමති කෙනෙකුගේ මෝඩම හැසිරීම
රටක ආපදා තත්වයක් තියෙද්දී ලංකාව වගේ රටක රෝහල්වලට ඩ්‍රිල් තියල පුහුණුවෙන්න දෙයක් නැහැ , ඕව පොතේ තිබ්බටම කරන්න ඕන නැහැ , රටේ තත්වය ගැන අවබෝධයක් නැති නිලධාරීන් , ඇත්ත රෝගීන් බෙහෙත් ගන්න ඇවිත් ඉද්දි ඩ්‍රිල් කරනවා. ෆයර් ඩ්‍රිල් එකක් නම් කමක් නැහැ
හරීන්ද්‍ර කියල තියනවා වගේ මෙතුමාට සෞඛ්‍ය ඇමතිකම දුන්න නම්, අර දොස්තර මාෆියා කාරයින්ට යන එන මන් නැති වෙනවා. ඔය අද කරලා තියන කවට වැඩසටහනත්, ලෙඩ්ඩුන්ව පෞද්ගලික රෝහල් වලට අද්දවා ගන්න කර ඇති උපක්‍රමයක් වගෙයි. අහිංසක රෝගීන්ව තමයි මේ මිනිස්සු හැම වෙලාවේම බිල්ලට ගන්නේ. වැඩ බැරි ටාසන්ලා රජ උනාම ඔහොම, පෙරහුරු වැඩසටහන් පවත්වන්න සිදු වෙනවා තමයි.
හැම දියුණු රටකම මෙවැනි පෙරහුරු රෝහල් තුල පවත්වනවා. උදාහරණ ගිනි ගැනීම්, හදිසි ආපදා, භූමිකම්පා, සඳහා සෑම මසකම දිනක් වෙන්වෙලා. මෙයින් ජීවිත රාශියක් බේරෙනවා. දේශන ශාලාවල නිදිකිරා වැටෙන හැටි බලන්න ලස්සනයි. ඇත්ත සිද්ධියක් රඟ දැක්වීම වඩාත් ප්‍රතිඑල සහිත බව අධ්‍යාපන විශේෂඥ මතයයි.කෝටි ගනන් වාහන ගෙන්වන විට වියදම් නැතිද?
ඕන එකටයි එපා එකටයි හැමේකටම ඔලුව දාන්න යනවට හොඳ වැඩේ
පෙරහුරු පවත්වන්නේ එහෙම තමා........කොහොමත් නූගත් අයගෙන් මේ වගේ ඒවා තමා බලාපොරොත්තු වෙන්න වෙන්නේ............කොහොමත් දන්නේ නැතිනම් දැන ගන්න එක වෙනම දෙයක් ...බොරු චණ්ඩි පාර්ට් දාන්නේ නැතුව......
මෙයා අර මර්වින් සිල්වා මහත්තයාගේ ඥාතියෙක්ද? දන්නා කෙනෙක් ඉන්නවනං මට කියන්නකෝ.
මේ වගේ ඇමතිලා ඉන්න රටක් මේක... රට හදන්න පුළුවන්ද?
පෙරේහුරු අභ්‍යාස කාර්යක්ෂමතාවය දියුණු කරගැනීම, වඩාත් ක්‍රමවත්ව සේවය සැපයීම සඳහා අත්දැකීම් ලබාගැනීම සඳහා පවත්වන්නක්. මිස රඟපෑමක් නොවේ.
පෙර හුරු? බම්බුව! මේවා මෙච්චර හැබැහින්ම සිද්ධ වෙමින් තියෙද්දී මොනවටද පෙරහුරු? නිකං බොරු සෝබනේට කාලයත් මුදලුත් නාස්ති කරනවා, කරන්න පලක් ඇති දේවල් කොච්චරවත් තියෙද්දී. නරකද රට ආණ්ඩු කිරීම ගැනත් පෙර හුරුවක් තිබ්බොත්? පාගා ගැහිල්ල, කොමිස් ගැහිල්ල ගැන එහෙමත් තියමු පෙර හුරු!
රියදුරු පුහුණුව පිට්ටනියක අරන් මහ පාරට දාපුවහම අමාරුවේ වැටනවා . ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න.
මෙතුමා ඇමති වරයෙක් හැටියට අනෙක් අයට වඩා ගොඩක් හොදයි. හැබැයි යන යන තැන තමන්ගේ මීඩියා ටීම් එක අරන් ගිහිල්ලා පොඩ්ඩක් රඟපාන ගතියක් තියෙනවා. බොරුවට සමහර නිලධාරින්ට ගොරවන පුප්පන ගතියක් තියෙනවා. පරිපාලනයේ සිදුවෙන මගඩිකම් හෝ සේවයේ දුර්වලතා නිලධාරින් කීප දෙනකුට නවත්වන්න බෑ , එක නිලධාරියෙක් ඒවාට හරස් උනොත් එයා නිකම්ම කැපිල යනවා. හැබැයි ඇමති කෙනෙකුට මේ මගඩිකම් හෝ සේවයේ දුර්වලතා නවත්වන්න ක්‍රම හදන්න පුළුවන්, අන්න ඒ දේ මෙතුමා කලොත් රටට වැඩක් වෙනවා.
මේ රට දියුණු නොවෙන්නේ ඇයි කියල අමුතුවෙන් පර්යේෂණ කරන්න ඕනේ නෑ, මේ වගේ මෝඩ, නුගත් ඇමතිලා, එහෙම අය පත් කරන ඊට නොදෙවෙනි මෝඩ ජනතාව සහ ඉහත සමහර කොම්මෙන්ට් වලින් පැහැදිලිව පේනවා. දියුණු රටවල රෝහල් වල මෙවැනි පෙරහුරු නිතර කිරීම අනිවාර්ය දෙයක්.
මේ රැල වෙනත් ආයතනයක් සම්බන්ධව කළ පෙරහුරුවක්ත... රෝහලට ආදේශ කරන්න ගිහින් හත්පොලේ ගාගෙන. හොඳ වෙලාවට, නි. ඇමැතිතුමා ගිහින් අසරණ රෝගීන් වෙනුවන් කතාකර තිබෙන්නේ. මෙවැනි මෝඩ වැඩ අනුමත කරන්නේ මෝඩයෝම තමයි.
ඇමතිතුමා හරි, ඔය වගේ පෙරහුරු කරන්න ඕනෑ.. කාර්ය බහුල නොවන වෙලාවක, නැතිනම් මේ අහිංසක ලෙඩ්ඩු, ජනතාව පෝලිමේ තියන්න වෙයි.
ඇමැතිතුමා නොපැමිණියා නම්, ඕක මෙගා ටෙලියක් වෙන්න ඉඩ තිබුණා. අපේ රටේ ගොබ්බ ප්‍රේක්ෂකයින්ට රෝගීන්ගෙන් වැඩක් නැහැ. ඔය වගේ නාට්‍යයක් බලලා විනෝද වෙන්න තිබුනොත්, ඒ ඇති.
රියදුරු පුහුණුව පිට්ටනියක පමණක් අරන් මහා පාරට බැස්සහම වෙනදේ හිතාගන්න පුළුවනි නේද? මේකත් ඒවගේම තමා.
මෙයාටත් ගිය ආණ්ඩුවේ හිටපු මර්වින් සිල්වාට රූපවාහිනිය දුන්න සංග්‍රහයට සමාන එකක් අවශ‍්‍යයි වගේ ...
හමුදා කාණ්ඩ වලත් මා දන්නා තරමින් පෙරහුරු තිබෙනවා ඒවත් ශ්‍රවණාගාරයක කලානම් කොච්චර හොඳද?
මර්වින් මහත්තයාගේ අනිත් කෙනා............