(ලහිරු හර්ෂණ)
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලොටස් පාර වසා දමා ඇත.
වැටුප් හා දීමනා වැඩි කරන්නැයි ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවේ නිරත වී සිටිති.
මේ වන විට උද්ඝෝෂකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැදී සිටින අතර පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් මේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වමින් සිටී.





COMMENTS
සමාන සේවාවල එක කොටසකට පමණක් වරප්‍රසාද දෙනකොට අනික් අයත් ඉල්ලන බව ආණ්ඩුව දන්නේ නැද්ද? නීති වෘත්තියේ අයට ඉහල පඩි දෙනකොට, දොස්තරලාට සියලු වරප්‍රසාද දෙනකොට සමාන තලවල ඉන්න නිලධාරීනුත් ඒවා ඉල්ලන එක අමුත්තක්ද? ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ගැන හැමදාම කියවනවා. කෝ එහෙම එකක්? සමාන වගේ පෙනෙන නිල ඇඳුමට පවා එරෙහිව සටන් කරන අපේ රාජ්‍ය සේවයේ විෂමතා නැතිකරන්න තරම් සමතෙක් මෙතෙක් ලොව පහල වී නැත.
ඔන්න බලන්න යහපාලනයේ වෙනසේ රස. මේ විධායක නිලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම වෙනුවෙන් කොතරම් මහන්සි වෙනව බව. නමුත් රජයේ මැති ඇමැතිලාගේ බදු වැඩි කියමින්, කිසිම මහන්සිත් නොමැතිව ඔවුන්ව බදු බරවලින් නිදහස් කළා.
අපි 200%,300% ක බදු ගෙවලා වාහන ගනිද්දී මේගොල්ලන්ට දීපු තීරු බදු රහිත වාහන බලපත් ලක්ෂ 20,22 ට විකුණගෙන, දැන් ලෝටස් පාර වහන්න එනවා වැඩි පඩි ඉල්ලලා .. මේ අසාධාරණ බලන්න ආණ්ඩුවක් නැත්ද
මිනිස්සුන්ගේ පඩිය එකතැන, නමුත් පුළුවන් තරම් බදු වැඩිකරනවා. හැම දෙකම මිල වැඩිකරනවා. ඒ සල්ලි වලින් අර 225 යි ඊට යටින් ඉන්න අයයි යහමින් වැජබෙනවා.
කෝ අපේ කැම්පස් ළමයින්ට ගහන කඳුළු ගෑස් මේ අයට ගහන්නේ නැත්තේ බය නිසාද?
තීරුබදු රහිත වාහන, රජයේ වරප්‍රසාද ඔක්කොම අරගෙන මදිවෙලා තව ඉල්ලනවා. පුද්ගලික අංශයෙන් බදුගගහ ඔක්කොම ඒ අයටම දෙන්න. මරු ක්‍රමේ තමයි රට දියුණු වෙන්න.
තීරු බදු වාහන, රජයේ වාහන, දුරකථන පහසුකම්, දීමන සියල්ල නැවත දැන් ඉල්ලන එක දෙන්න. දැනට දීල තිබුණු සියලු දෙන්න, පහසුකම් රජයේ සේවයේ අවුරුදු 25 වැඩි අයටවත් දෙන්න.
කිසිම වරප්‍රසාදයක් නොලැබෙන රජයේ සේවකයින්ට විධායකයන්ට විරුද්ධ වෙන කාලය අැවිත්. කිසිම වැඩි දෙයක් විධායකයට දෙන්න එපා
ඔන්න අර ගෙනාවා කියලා පත්තරෙත් ගිය රබර් උණ්ඩ සහ කදුළු ගෑස් 10000 පාවිච්චි කරලා බලන්න අවස්ථාවක්...