(ප්‍රසාද් රුක්මල් / ප්‍රසන්න පද්මසිරි)
බදුල්ලේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා දණ ගැස්සූ බවට විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය වන පුවත සම්පූර්ණ අසත්‍ය බවත් එවැනි සිදුවීමක් වී නම් තමාට විරුද්ධව අදාළ විදුහල්පතිනියට අධිකරණයට හෝ මානව හිමිකම් කොමිසමට යෑමට හැකි බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද(11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
‘‘අදාළ විදුහල්පතිනිය හින්දු ආගම මුල්කරගෙන අනිත් ආගම්වලට සලකන්නේ නැහැ කියා මුස්ලිම් ජාතික දෙමාපියන් දෙදෙනෙක් මට පැමිණිලි කළා. පසුව මම විදුහල්පතිනිය නිල නිවසට කැඳෙව්වා. එහි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් හිටියා. අදාළ පැමිණිල්ල කළ දෙමාපියන්ද කැඳවා ජාතීන් අතර ප්‍රශ්නයක් ඇති නොවන පරිදි මේ ගැටලුව සුහදව විසඳුවා. නමුත් මෙය විකෘති කරලා මැතිවරණ වේදිකාවල මට මඩ ගහන්න ප්‍රචාරය කරනවා‘‘ යැයි මහ ඇමැතිවරයා කීය.
තමාට එරෙහිව බොරු චෝදනා එල්ල කරන ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවද මහ ඇමැති කියා සිටියේය.
අදාළ විදුහල්පතිනිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමා දණ ගැස්වූ බව කියන කථාව සම්පූර්ණ අසත්‍යයක් බවයි. අධ්‍යාපන බලධාරීන් ඇතුළු පිරිස සමග මහ ඇමැතිවරයාගේ නිල නිවසේදී අදාළ ගැටලුව සුහදව විසඳාගත් බවද ඇය කියා සිටියාය. ඇතැමුන් විවිධ වාසි තකා මැතිවරණ වේදිකාවල මෙවැනි අසත්‍ය ප්‍රචාරය කරන බවද විදුහල්පතිනිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් අර සමුර්දි නිලධාරියා තමාම ගහේ බැඳ ගත්ත එක වගේ නේද?
මට පේන්නෙ හොරාට ඉස්සෙල්ල කෙහෙල් කැණ වැට පැනලා වගෙයි. එහෙම නැත්නම අර පුහුල් හොරා කරින් දැනේ කියන එකත් මට මතක් වෙනව අම්මප.
මැරකමින් රජයන්නට මොවුන්ට වරම් දී මොවුන්ව ඔතැනට යැවූ ඒ සියලුම අසහන්කාරයින් මේ සිද්ධියට වගකිව යුතුය. ගුරුවරයෙක්ගේ වෘතියේ ගරුත්වය රකින්නේ සහ ඒ ගැන හැගීමක් ඇත්තේ ගුරුවරුන්ගෙන් උගත් යහපත් දැන උගත් සිසුන් පමණක් නිසා මොවුන්ට දොස් කීමට නොහැක. එළබෙන්නේ මෙවැන්නන්ට රජ කරන්නට ඔටුනු පළඳන සමයයි, හිතවත හිතවතිය බුද්ධිමත්ව සිතා ඔබේ කැමැත්ත මේ පුංචි ජන්දයේදී දෙන්න.
මේ පිලිබඳ ඇත්තම අපක්ෂපාති තීරණයක් ගැනීමට කොමිසමක් පත්කළ යුතුයි.
මටත් පෙනෙන්නේ හොරාට පෙර කෙසෙල් කැන..... කතාව සිදුවී ඇති බවයි. රාජ්‍ය නිලදාරියෙක් යම් වරදක් කරානම්, ඊට අදාළ පරීක්ෂණ කල යුත්තේ අදාල දෙපාර්තමේන්තු ඉහළ නිලදාරීන්. දේශපාලුවන් මිට මැදිහත්වීම කොහෙත්ම යහපාලනයට සුදුසු නෑ.
කොහොම කලත් ආරේ ගති නැරේ කියන්නේ නිකමටද ? මහා ඇමති උනත් ඒක සත්‍යයි.
මේ වගේ අයට ඡන්දෙ දෙන එකනේ වරද...
මෙතුමාගේ මුහුණු පොඩ්ඩ දැක්කම කියන්න පුළුවන් මොකක්ද සිද්ද වෙලා තියෙන්නේ කියලා...
රජයේ සේවකයින්ව නිල නිවාස වලට ගෙන්වීමේ අයිතියක් මේගොල්ලන්ට තිබෙනවාද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.