ඉන්දිකා රාමනායක
බම්බලපිටිය ප්‍රදේශයේ පාසල විදුහල්පතිනියකට සිය නිළ කාර්යාලයේ දී අද (3) පෙරවරුවේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විදුහලේ ගුරු නේවාසිකාගාරයේ යතුර මෙම ගුරුවරයා සන්තකයේ තබා ගෙන ඇති බවත් එම යතුර විදුහල්පතිනිය ඉල්ලා සිටි අවස්ථාවේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති බවට පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
අනේ මෙහෙමත් ගුරුවරු. ඕවද ළමයින්ට දෙන ආදර්ශේ...
මෑත කාලයේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට පහරදීම් කීපයක් ගැන වාර්තා වුණා. මෙවැනි දේ කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි. ගුරුවරුන් ශිෂ්‍යයන්ට ආදර්ශයක් දිය හැකි අය විය යුතුයි.
සමස්ත සමාජයම නොමග යන වැඩක් වෙනවනේ... ගුරුහරුකම් දෙන අය මෙහෙම කරනවා නම්... තව වෙන මොන කතාද?
මේ වගේ ගුරුවරුන් අපේ කාලේ අපිට නොහිටි නිසා අපි වාසනාවන්ත උනා
මින්ස්සු ඕනෑම දෙයක් තනි තනිව බලන්න පුරුදුවෙලා තියෙන ව තවම අපේ අටේ බොහෝ අය අපි අද ඉන්න ස්ථානය සමාජයක් විදිහට හරියට හදුනාගෙන නැහැ අපි අද ඉන්නේ මනුස්සකම සහ හැදියාව හික්මීම හා අනෙකාට ගරුකිරීම වගේ උතුම් ගුණාංග කිසිවක් නැති සමාජ වටපිටාවක මෙම තත්වය නිර්මාණය වෙන්න පටන් ගත්තේ 1977 න පස්සේ මුදලට සියලු දෙය තීරණය කරන සමාජයක් අප වෙත බලෙන් නිර්මාණය කරලා සල්ලිම හොයන සහ සාහිත්‍ය කන්නද කියල අහපු පාලකයන් හිටපු රටක් මේක එදා JR කියන පාලකයා අපේ රට අැදාල දාපු අගාදයෙන් ගොඩ ගන්න ජගතෙක් අවේ නැහැ . ඊට පසුව අාව හැමඑකාම ඔහු පසුපස ගියා මිසක එම වරද ? හරි ගස්සවන්න එකෙක් උත්සහ කලේ නැහැ අද මෙම වියසනය බොහොම හොදට පෙනෙනවා අද සමාජයේ මොන කොටස ගත්තත් මේක තම තත්වය ආගමික නායකයි, උගත්යැයි කියන අය වග කියනයි කියන අය සේරම අද අපරාද කාරයෝ වෙලා බරුවට වෙස් මුහුණු ගෙන බොහොම වැදගත් විදිහට ඉන්න 99% ක් මෙහම තමා මුළු මහත් සමාජයක් පිරිහෙන කොට ඔය හැම දෙනාම අඩු වැඩි වශයෙන් වෙන්නේ මේක තමා මේවට සම්පුර්ණ වග කියන්න ඕන මෙරටේ ජිටපු සහ ඉන්න අයත් වසර 69 ක් මුන් කලේ මුලාව විතරයි .අද රට තියෙන්නේ ගිනිගන්දක් උඩ අමනුස්සයන් රැලක් බිහිකරලා .
ඒත් සමහර විදිහල්පිතිනියන් කතා කරන හැසිරෙන ගුරුවරුක්අට දරුවන්න්ට සළකන හැටි දැක්කම මේවා වෙන එක පුදුමයක් නෙමෙයි කියලත් හිතෙනවා.
දේශපාලන පත්වීමක් වෙන්න ඇති. ගුරු වෘතිය පිලිබඳ මනා පුහුණුවක් නොමැති උදවිය පත්වීම් ලබපුවහම වෙන වැඩ.
මේ සියල්ලටම මුල පවතින අධ්‍යාපන රටාවයි. මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන්නේ හිතක් පපුවක් නැති, මානුෂික හැගීමක් නැති, සමාජය පිළිබද නිසි අවබෝධයක් නැති, ඒකිනෙකා පරයා නැගී සිටීමට වෙර දරනා බුද්ධිමතුන් පමණි. ඉගෙනීමෙන් ඉහලට යා නොහැකි වූ අයත් එකිනෙකට වෛර කරගන්නා, ද්වේශ කරගන්නා පුද්ගලයන් බවට පත්වේ. ගුරුවරුන් සිසු සිසුවියන් දුෂණය කරන, වෛද්‍යවරුන් තම රෝගීන් දුෂණය කරන සමාජයක් බිහිවී තිබෙන්නේ මේ ක්‍රමයේ පිහිටෙන්ය.