( ප්‍රසාද් මුතුකුඩ)
නීතිවිරෝධී අයුරින් විදේශ මත්පැන් බෝතල් 34ක් සහ විදේශ රටක නිෂ්පාධිත දුම්වැටි 2400 තම සන්තයේ තබාගෙන ගුවන්තොටුපළ රථගාලේ රැදිසිටි පුද්ගලයින් සිව් දෙනෙකු ලද තොරතුරු මත ගුවන්තොටුපොළ පොලීසිය (13) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් ඉන්දියානු ජාතිකයින් වන අතර මොවුන් චෙන්නායි සිට කටුනායක පැමිණි ගුවන්යානයකින් ගුවන්තොටුපළට පැමිණ විත් වෙනත් ගුවන් මගීන් යොදවා ගනිමින් තීරුබදු සංකීර්ණයෙන් විදේශ මත් පැන් බොතල් මිලදි ගෙන ඇති බවට අනාවරණයවු බවත් මෙහි වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්ම වන බව පොලීසිය කියයි.
චෙන්නායි සිට මෙරටට රෙදිපිළි රැගෙන එන ව්‍යාපාරිකයින් බවට හඟවමින් පැමිණ මොවුන් සතුව තිබු විශාල ගමන් මලු තුළ තිබු රෙදිපිලි අතර විස්කි බෝතල් සහ දුම්වැටි තොගය තිබියදි සොයාගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතය.


COMMENTS
උතුරලා නිවාගත් කහට තේ වෙන්න ඇති.
මේවගේ ජාවාරම් වැඩි වෙලා තිබෙන්නේ, මේවට රජය අසීමිත ලෙස බදු ගසන නිසා , දැන් මෙහෙ ජාවාරම් කරන්න පිට රටිනුත් එනවා , වැඩි කල් යන්නේ ඉස්සරවෙලා ජාවාරම් කාරයෝ ඉන්දියාවේ නිෂ්පාදිත මත්පැන් පවා මෙහෙ විකුණාවී ,
මේ අය අත්තඩංගුවට ගන්න නීතිමය ප්‍රතිපාදන නැහැ නේද? විදෙස් මත්පැන් හෝ දේශීය මත්පැන් නීත්‍යානුකූලව ලඟ තබා ගතහැකි ප්‍රමාණයක් ඕනෑම ලාංකිකයෙක්ට තියෙනවා. එක් අයෙක්ට මත්පැන් බෝතල් 22 වගේ මට මතක. ඊට වඩා ලඟ තියාගන්නවා නං අවසරය ගන්න ඕනි. ඒකත් ලේසියෙන් ගන්න පුළුවන්. මෙතන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්න නිසා ඔවුන්ට මේ මත්පැන් බෝතල් ප්‍රමාණය තියාගන්න පුළුවන් කිසිම නීතිමය බාදාවක් නැහැ. ලංකාවේ එයාර්පෝර්ට් එකෙන් තීරුබදු රහිත සාප්පු සංකිර්ණය හරහා එලියට එද්දී මත්පැන් බෝතල් දෙකකට වඩා ගේන්න බැහැ. එත් එලියට ආවම පස්සේ ඒ නිතිය නෙමේ තියෙන්නේ. මේ අය රථගාලේ මත්පැන් තියාගෙන හිටියා කියලා අත්තඩංගුවට ගන්නේ කොහොමද? මිනිස්සු දැන ගන්න ඕනි තමන්ට තියෙන වරප්‍රසාද මොනාද කියලා.
බෝතල ඇතුළේ අර ආණමඩුවේ ළඟදී හමුවූ වතුරද දන්න නැහෙ.
එතකොට පසුගිය කාලේ ගුවන්තොටුපල ඇතුලේ ආගමන විගමන නිලධාරීන්ගේ කාමරයක තිබිලා අසුවුන මත්පැන් බෝතල් තොගයට මොකද වුනේ එම නිලධාරියොත් අත්අඩංගුවට ගත්තද ? අනේ නිකන් විකාර කරන්නේ නැතුව ඉන්න , ඕක ඇතුලේ වැඩකරන මිනිස්සු දිනකට බෝතල් 1000 විතර හොර පාරෙන් එලියට ගේනවා , ඒවා එළියේ කළුකඩ වල තිබෙනවා , මේවා නවත්වන්න නම් ඔය තිබෙන බදු අඩු කරන්න.
අයියෝ, අයියෝ දනුමක හැටි... අපේ අයගේ. බියර් නම් පුළුවන් එ්ත් උත්සවයක් නම් විතරයි. පොලිසියෙන් අවසර ගන්න ඕනෑ. මගේ ගෙදර බෝතල් 7ක් තිබ්බා කියලා මට නඩු දැම්මා පොලිසියෙන්... දඩත් ගැහුවා. දෙකයි තියෙන්න පුළුවන්. එ්කනේ බදු රහිත බොතල් දෙකක් දෙන්නේ කෙනෙක්ට... දේශපාලකයින්ට සීමාවක් නැහැ හොඳද?