
(අජන්ත කුමාර අගලකඩ)
විදේශ සමාගමකට දී ඇති විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය රජයේ මුද්‍රණාලයට ලබාදෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඒ සඳහා යෝජනාවක් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය විදේශ සමාගමකට දී ඇති අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම් අනුව තවත් වසර දෙක හමාරක පමණ කාලයක් එම විදේශ සමාගම විසින් බලපත්‍ර මුද්‍රණය කෙරෙන ඇති බවද පැවසේ.
විදේශ ගමන් බලපත්‍ර දස ලක්ෂයක පමණ ප්‍රමාණයක් එම විදේශීය සමාගම මගින් මුද්‍රණය කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 100 ක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවද පැවසේ.
අවශ්‍ය පහසුකම් සපයා දෙන්නේ නම් රජයේ මුද්‍රණාලය මගින් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කළ හැකි බවත් එම පහසුකම් සැපයීමට රුපියල් කෝටි 70 ක පමණ මුදලක් වැය වනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය රජයට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
පිටු 64 කින් යුත් විදේශ ගමන් බලපත්‍රයක් රුපියල් 350 ත් 450 ත් අතර මිලකට රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කළ හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දී ඇත.
COMMENTS
ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කළ යුතුය..., යන්න ඔය 20වැනි සංශෝධනයට ඇතුළත් කරන්න.
එහෙම අත්සන් කළාට, හැම ගිවිසුමකම තියෙන්න ඕනේ ඒ ගිවිසුම අහෝසි කරන්න පුළුවන් මොන මොන අවස්ථා වලදීද කියන එක. ඒ ගැන හොයලා බලන්න. උදාහරණයක් විදිහට, අසාමාන්‍ය හේතුවක් හෝ තමන්ගේ පාලනයෙන් බැහැර සිදුවන දෙයක් නිසා හෝ ගිවිසුම අත්සන් කළ දෙපාර්ශවයම වගකීමෙන් නිදහස් වෙන වගන්තියක් මේ වෙළඳ කොන්ත්‍රාත්තුවේ තියෙන්න ඕනේ. ලංකාණ්ඩුවේ පාලනයෙන් බැහැර ඇතිවුණු කෝවිඩ්-19 නිසා හදිසියේ අනපේක්ෂිත විදිහට රටේ ඇතිවුණු ආර්ථික අවපාතය නිසා රජය ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව නතර කිරීමට තීරණයක් අරගෙන, මේ ගිවිසුම අහෝසි කළ බව දැනුම් දෙන්න පුළුවන්... ඉස්සෙල්ලා බලන්න ඕනේ එහෙම වගන්තියක් තියෙනවද කියලා...
ඔය තියෙන විදිහ හොඳයි.. මොකද අපි සල්ලි දීලා පාස්පෝට් ගන්න එක නිසා ආණ්ඩුවට බරක් නෑනේ ඒකෙන්...
ඇත්තෙන්ම රටක මෙවන් වගකීම් සහිත ලියකියවිලි මුද්‍රණය කිරීමට පුද්ගලික අායතනයකට අවසර දීමට තරමටම අපේ දේශපාලුවන් අමරමරි මෝඩ තකතීරුවන් වීම මොනතරම් අවාසනාවක්ද? මෙමගින්ද සනාත වන්නේ කුමක්ද? අප රටේ "දේශපාලුවන් යනු තමන් උපන් රට මුදල් වෙනුවෙන්ම කාබාසිනියා කරන මුසල ජාතියක්" බව නොවේද?
විදේශ ගමන් බලපත්‍ර හෙවත් පාස්පෝට් දැනට මුද්‍රණය කරන විදේශීය සමාගම ඒවායේ තිබෙන ආරක්ෂාව සහ වගකීම නිසි ලෙස බාරගෙන සකසා අපේ රටට නියමිත වෙලාවට එවන බව අප සැවොම දන්නා කරුණකි. නමුත් ඒවා අපේ රටේ මුද්‍රණය කරන්න ගියොත් ඒවායේ තිබෙන ආරක්ෂාව ඒ අයුරින්ම තබාගැනීමට රජයේ මුද්‍රණයට පුළුවන් වෙයිද කියන එක ගැටළුවක් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩවර්ජන වගේ අපේ රටේ සුලභ දේවල් නිසා පාස්පෝට් පෝලිම් දිගු වෙන්නත් පුළුවන්.. ඔය වටින ලියවිල්ල අතට එනකොට ගුවන් යානය ගුවන් ගතවී හමාර වෙන්නත් පුළුවන්. කලුකඩ මුදලාලිලා හරහා හොර පාස්පෝට් අධික මිල ගණන් වලට ලබාගැනීමත් සමහරවිට එළිදකින්න පුළුවන් වේවි..
පිට කවරයේ රාජ්‍ය ලාංජනය ඉක්මණින් යනවනේ...
ගමන් බලපත්‍රත් හොරාට පිට වෙන්න ක්‍රමයක්.