IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


විදේශීය ආයෝජන ඉහළ මට්ටමක - මහ බැංකුවෙන් නිවේදනයක්

 විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ඉදිරි ගමන පිළිබඳ විශ්වාසය තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකාව පිළිබඳව ඔවුන් තුළ ඇති ධනාත්මක හැඟීම මත ඔවුන් සතු මුදල් ශ්‍රී ලංකාවට ගලා ඒමට සලස්වා ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. මෑත කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකයෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබේ. මෙවැනි වාතාවරණයක් තුළ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි පවතින සහයෝග යේ ස්වභාවය මැන බැලීම යෝග්‍ය වේ. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ මත පදනම්වන මිනුම් දඬු තාර්කික හායථාර්ථවත් වන අතර මෙවැනි මිනුම් දඬු ශ්‍රී ලංකා ආර්ථිකයෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ස්වාධීන දර්ශක ලෙස සැලකිය හැකිය.

* ශ්‍රී ලංකාව මෑතකදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක (ඉතිහාසයේ වැඩිම) අගයකින් යුතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ෂීඊ) සාර්ථකව නිකුත් කරන ලදී. එයට සියයට 2.6ක අධි දායකත්වයක් ලැබී තිබුණි. ලොව විශාලතම සහ ඉහළ පිළිගැනීමකින් යුතු යෝජනා අරමුදල් මේ සඳහා විශාල සහභාගිත්වයක්
දක්වා තිබිණි.

* ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් පසු දළ නිල සංචිත ඓතිහාසික වශයෙන් ඉහළම මට්ටම වන ඩොලර් බිලියන 9.9 දක්වා වැඩිවී ඇත.

* ඩොලර් බිලියනයක කාලීන ණයක් ලබාගැනීම සඳහා යෝජනා කැඳවීමේදී රජයට ඉතා හිතකර ප්‍රතිචාරයක් ලැබී ඇත. ඒ අනුව මෙම කාලීන ණයෙහි ප්‍රමාණය ඉහළ දමා එමගින් ලැබෙන අරමුදල් භාවිතා කර වඩා අධික පිරිවැයකින් යුතු වෙනත් ණය ගෙවා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

* ඇමරිකා එක්සත් ජනපදයේ පොලී අනුපාතික ඉහළ යාමත්, ගෝලීය මුල්‍ය අර්බුදයෙන් පසු ප්‍රථමවරට ඇමෙරිකා
එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය යන ප්‍රධාන ආර්ථික කලාපයන්හි එකට සිදුවන ආර්ථික වර්ධනයත් හමුවේ නැගීඑන වෙළඳපොළවලින් අරමුදල් පිටතට ගලායාම මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ සහ රජයේ රුපියල් සුරැකුම්පත් වෙළඳපොළ වෙත ශුද්ධ වශයෙන් ගලා ඒම් පැවත ඇත.

* කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් ආයෝජන සඳහා ඩොලර් මිලියන 9.6ක් මේ දක්වා ශුද්ධ ගලා ඒම් වශයෙන් පවතියි. 2017 වසරේදී මෙවැනි ගලාඒම් ඩොලර් මිලියන 278.5ක් විය.

* රජයේ රුපියල් සුරැකුම්පත් වෙළඳපොළ වෙත මේ දක්වා ශුද්ධ ගලා ඒම් ඩොලර් මිලියන 6.05කි. 2017 වසරේදී මෙවැනි ගලා ඒම් ඩොලර් මිලියන 441ක් විය.

* 2017 දී විදේශ සෘජු ආයෝජන ගලා ඒම් ඉතිහාසයේ වැඩිම අගය වූ ඩොලර් බිලියන 1.9ක් විය.
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි 4 වැනි සමාලෝචනය නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති අතර ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රය අනුමත කිරීම මත 2018 ජුනි මාසයේදී එහි පස්වැනි ණය වාරිකය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් 2017 ජූනි මාසයෙන් පසුව ශ්‍රී
ලංකාවේ ආර්ථික ස්ථායිතාව හා ඉදිරි දැක්ම පිළිබඳව ධනාත්මක ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කර ඇත.S&P   සහ Fitch යන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකම ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම සෘණ මට්ටමක සිට ස්ථාවර මට්ටමක් දක්වා වෙනස් කර ඇත. මේ සියල්ලෙන් දැක්වෙන්නේ විදේශ ආයෝජකයන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ඉදිරි ගමන පිළිබඳව ස්වාධීන විශ්ලේෂණයක් සිදුකර එම ධනාත්මක හැඟීම මත ඔවුන් සතු මුදල් ශ්‍රී ලංකාවට ගලා ඒමට සලස්වා ඇති බවයි.

මෙම තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති එනම් රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාව
විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති ආර්ථිකයෙහි තරගකාරිත්වය සඳහා අනුබල දෙන නම්‍යශීලී විනිමය අනුපාතිකයන් පවත්වාගෙන යාම අතවශ්‍ය වේ.

එමෙන්ම සාධක වෙළඳපොළ ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම ද ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම ද ආයෝජන ප්‍රවර්ධනය වේගවත් කිරීම ද විදේශ වෙළඳාම සඳහා පහසුකම් සැපයීමද විදේශ වෙළෙදාම පිළිබඳ සාකච්ඡා සම්පූර්ණ කිරීමද අත්‍යවශ්‍ය වේ. තිරසාර ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සඳහා දේශපාලන  අත්‍යවශ්‍ය වේ.



අදහස් (1)

විදේශීය ආයෝජන ඉහළ මට්ටමක - මහ බැංකුවෙන් නිවේදනයක්

Bamunuarachchi Friday, 04 May 2018 01:12 AM

මොනවා කලත් රුපියල බාල්දු වෙනවා. අපි අගාධයට යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site