( රංජන් කස්තුරි)
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ලබාදෙනතුරු විදුලි සේවක වර්ජනය අඛණ්ඩව සිදු කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ‘ලංකාදීපයට‘ පැවසීය
විදුලි සේවක වැඩ වර්ජනය පස්වැනි දිනයටත් අද (17) ක්‍රියාත්මක වන අතර මේ වන විට රටපුරා විවිධ ප්‍රදේශවල විදුලි සැපයුම විසන්ධි වී තිබෙන බවද එහි වගකීම බලධාරීන් බාරගත යුතු බවද ජයලාල් මහතා කියයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ රාජකාරී සියල්ල යුද හමුදාවට කළ නොහැකි බවත් හැකිනම් යුද හමුදාව යොදවා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දී පෙන්වන්නැයි බලධාරීන්ට අභියෝග කරන බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
යහපාලනය යනු ජනජීවිතය කරදර බධාවලින් තොරව පවත්වාගෙන යාමට කටයුතු සැලැස්වීමයි. එසේ නැතුව කඩාකප්පල් කාරීන්ට ඕනෑ විදිහට වැඩ කිරීමට ඉඩහැරීම නොවෙයි.
විදුලිබල මණ්ඩලයේ අයට පඩි අඩුද?මේ අය වැඩ පටන්ගන්නේ ඕටී වෙලාවටමනේ. මේ බැරි අය ගෙදර යවලා මහජන අපහසුතා මඟහරින්න අළුතෙන් සේවකයෝ ගතයුතුයි. යහපාලනය ආපු දවසේ ඉඳලා හැමදාම කවුරු හරි ස්ට්‍රයික්... සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වර්ජන රැල්ල දැන්වත් නතරකළ යුතුයි.