‘විදුලි මිල ඉහළ දැමීම ගැන ඉල්ලීමක් නැහැ‘
(නිමල කොඩිතුවක්කු)
විදුලි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ‍්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.
ශ‍්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා කාර්යාලයේ අද (25) පැවති මාධ්‍ය හමුවකදී විදුලි මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
විදුලි මිළ ඉහළ දැමීම සදහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් සිදුකරන ඉල්ලීමට අනුමැතිය ලැබිය යුතු වන අතර ජලය සහ ඛනිජතෙල් මිල සම්බන්ධයෙන් එවැනි බලයක් මහජන උපයෝගිතා කොමිසමට නොමැති බවද දමිත කුමාරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
1990 දී පමණ ඉදි කරන්න සැලසුම් කර තිබූ ගල් අඟුරු බලාගාර ඉදිවෙන්නේ අවුරුදු 20ක් පහුවෙලා. න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම ගැන කරපු ශක්‍යතා අධ්‍යයනයට මොකද වුනේ. ස්වභාවික ගෑස් විදුලි බලාගාරයේ ටෙන්ඩරයට මොකද වුනේ. ඉක්මන් නොකලොත් අපි ඉවරෙටම ඉවරයි. අපේ අතිගරුතුමාලා හට මේවා ගැන තේරුමක් නැහැ වගේ....