(ශාන්ත කුලරත්න,බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඹතලේ ප්‍රදේශයේ විදුලිබිල නොගෙවු ටයර් අලෙවිසලක විදුලිය විසන්ධි කිරීමට ගිය බව කියන ශ්‍රී ජයවර්ධනපුර විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවකයින් දෙදෙනකුට එම අලෙවිසලේ හිමිකරු පහර දුන්නැයි විරෝධය පළකරමින් ශ්‍රී ජයවර්ධනපුර විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවකයෝ පිරිසක් අද (20) එම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
එම සිද්ධීයට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැතැයි ද විරෝධතාකරුවො පැවසූහ.
ඊට සහාය දෙමින් හෝමාගම,හොරණ බණ්ඩාරගම හා අවිස්සාවේල්ල විදුලි ඉංජිනේරු කාර්යාලවල බිඳ වැටුම් අංශයද අද දහවල් 12 සිට සේවාවන්ගෙන් ඉවත් වී තිබිණි.
එම සේවකයන්ට පහර දුන් බව කියන ටයර් වෙළෙඳසලේ හිමිකරු නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
සැකකරු හෙට (21) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දවල් 12 සිට කිව්වට අපිට අද උදෑසන (ඊයේ රෑ 12) සිටම විදුලි බලය තිබ්බේ නෑ. බිස්නස් ලයින් අරන් ඉන්න සමහර පාරිභෝගිකයන්ගේ අයිස්ක්‍රීම් හා නරක් වන ආහාර පාන සඳහා අලාභය ගෙවන්නේ කවුද ? අද දින සේවා ස්ථාන ක්‍රියාත්මක නොවීම නිසා සිදුවන අලාභ ගෙවන්නේ කවුද? විදුලිය නොමැති වීම නිසා දවසේ පඩි ගෙවා සේවය ලබා ගන්නා සේවා ස්ථානවල සේවකයන් හට අද දින පඩි නොමැතිව දරු පවුල් බඩගින්නේ සිටීම ගැන මේ අය කියන්නේ කුමක්ද ? ඒ නිසා මෙවැනි වෘතීයමය ක්‍රියාමාර්ග ගැනීමේදි පාරිභොගිකයන්ට නිසි කාලයක් හා දැනුවත් කීරීමක් නොවන අවස්තාවන්හිදී මෙම සේවාවන් පැහැර හරින සේවකයන්ගේ පුද්ගලික මුදලින් ඒම අලාභයන් ගෙවිය යුතු වන ලෙස පාරිභෝගික සේවා නීති ගෙන ආ යුතුය. ඒ මන්ද යත් පහර කෑ සේවකයන්ට සාධාරණය ඉටු වනවා සේම මුදල් ගෙවා සේවය ගන්නා පාරිභෝගිකයන් හටද ඒ අය නොකල වරදකට පීඩාවකට පත්වීම හා අනවශ්‍ය ලෙස පාඩු ලැබීම සිදු නොවිය යුතුය.