මනෝප්‍රිය ගුණසේකර
කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් 16,06,487.26ක මුදලක් එම මණ්ඩලයට ගෙවු බව ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයා මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියට අද (13) දැනුම් දුන්නේය.
අධිකරණයේ නියමය අනුව විදුලි බල මණ්ඩලයට ගෙවු රුපියල් 16,06,487.26ක මුදල සම්බන්ධයෙන් එම මණ්ඩලයෙන් නිකුත් කළ රිසිට් පතද ඉදිරිපත් කරමින් මහා පරිමාණ ව්‍යාපාරිකයකු බව කියන කොළඹ 07, බුලර්ස් පටුමගේ පදිංචි විත්තිකාර ලක්සිරි ද සිල්වා මහතා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම වරද සම්බන්ධයෙන් විත්තිකරුට නියම කරන ලද රුපියල් 10,000/-ක දඩය මීට පෙර දිනයේදී විත්තිකරු විසින් ගෙවන ලදී.
වායු සමීකරණ යන්ත්‍ර හතක් සහ වතුර උණුකරන යන්ත්‍ර තුනක් ඇති විත්තිකරුගේ නිවසේ විදුලි බිල වශ්‍යයෙන් පසුගිය වසර ගණනාවක කාලයක් ගෙවා ඇත්තේ රුපියල් 2,000/-ක පමණ බිලක් බවත් ඉන් ලංකා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවී ඇති බවට මීට පෙර අවස්ථාවක ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුට අදාළ දඩ මුදල හා විදුලි බල මණ්ඩලයට පාඩු වු මුදල වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 16කට අධික මුදලක් ගෙවීමට සිදුවිය.
විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 16ක මුදල කොටස් තුනකින් ගෙවීමට විත්තිකරු අවසර ඉල්ලා සිටියත් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඊට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් සම්පුර්ණම මුදල එකවර ගෙවීමට සිදුවිය.
ඒ අනුව අදාළ මුදල විදුලි බල මණ්ඩලයට ගෙවා විත්තිකාර ලක්සිරි ද සිල්වා මහතා එම රිසිට් පත අධිකරණයට ඉදිරිපත් කළේය.
විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරකට අනුව සති කිහිපයක් සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඉන්දික ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරී ගාමිණි ප්‍රනාන්දු සහ සහකාර විමර්ශන නිලධාරීන් වන අධිකාරි, පුෂ්පකුමාර සහ චානක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්නේ කොළඹ 07 උනාට කරන්නේ වනාතමුල්ලේ වැඩ.
මහා ව්‍යාපාර කරනවා කියන සමහර උන්නැහේල කරන්නේ මහා ජාවාරම්. ගෙදර ලයිට් බිලටත් කටුව ගහන මේ වගේ මිනිස්සු කොහොමද මහා ව්‍යාපාරිකයන් වෙන්නේ? එහෙම නම් මොනවා හරි හොර බිස්නස් වෙන්න ඇති!
මොවුන් මහා පරිමානයේ ව්‍යාපාරිකයන් නොව ස්ථිර වශයෙන්ම හිගන තුට්ටු දෙකේ ව්‍යාපාරිකයන් බව කිසිදු සැකයක් නොමැත.