දැඩි වර්ෂාව හා සුළං හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධිවීම් රැසක් වාර්තාවන බැවින් විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී ඇත.
ඒ අනුව විදුලි බල මණ්ඩලයට 1901 අංකය ඇමතීමෙන් විදුලිය බිඳ වැටීම් දැනුම් දිය හැකි අතර ලංකා විදුලි බල මණ්ඩලයට 1987 යන සුපුරුදු අංකය ඔස්සේ මේ පිළිබඳ දැන්විය හැකිය. ලංකා විදුලි පෞද්ගලික සමාගමට 1910 අංකය ඔස්සේ විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුවත් කළ හැකිය.
කළුතර හා රත්මලාන ප්‍රදේශවල විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් 0114418418 අංකයට හා දකුණු පළාතේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් 0714238623 අංකයට දැනුම් දිය හැකිය.
COMMENTS
මේ කිසිම නම්බර් එකක් වැඩ කරන්නේ නෑනේ..
මහජනයා කුමක් කරන්නද? සෑම ප්‍රෙද්ශයක්ම ගිහින් විමර්ශණය කළයුතු නොවේද?
කරන්ට් එක නෑ
කම්බි කඩා වැටිලා පාරට. කියන්න කෙනෙක් නෑ. කොහේටවත් යන්න විදියකුත් නෑ.
ඊයෙ රෑ ඉඳන් කරන්ට් එක නෑ. වතුරවත් නෑ උයාගන්න. ඇවිත් හදලා ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට එක ලයින් එකකට නෑ. පන්සලටත් නෑ...
පැය ගානාක් තිස්සේ කරන්ට් එක නැ
දවස් දෙකක් විදුලිය නැ ගමටම කිව්වාට වැඩකුත් නෑ
1901 සහ.1987 ට දුරකථන ඇමතුම් 50 කට වැඩිය ගත්තා. කිසිම කෙනෙක් කථා කරන්නේ නෑ. දෙකටන ගැටකන්ද පාරේ විදුලිය නෑ. හරිම කණගාටුදායකයි. පොඩ්ඩක් බලන්න මේ අයට නින්ද ගිහිල්ලාද? එහෙම නැත්නම් ජරාවක් කාලා මත්වෙලා කරදරයක් වෙලාද දන්නේ නෑ. එහෙමත් නැත්නම් කරටි කැඩෙන්න ගහලා නිදිද බලන්න. කාර්යක්ෂම මහජන සේවය කියන්නේ ඕක තමයි. ජය වේවා!!!
පැය 5ක් විතර ඇති කරන්ට් එක නැතුව තවමත් හදලා නෑ කෝල් කරපුවාම කියනවා යුහුසුළුව කටයුතු කරනවා කියලා ඒත් මුන් නිදිද
හායි කොහොමද?
මෙලෝ කමකට නැහැ... කිසි නම්බර් එකක් වැඩ නැහැ...
ඊයේ රෑ ඉඳන් කරන්ටෙක නැහැ. නම්බර් කිසිම එකක් වැඩ නෑ... අපි ඔබව සම්බන්ධ කර ගන්නේ කෙසේද?
කිසිම වැඩකට නැති අංක එකක්වත් වැඩ නෑ. ඇමතුම් 20 කට වඩා ගත්තා.. වහින දවස් වල කරන වැඩේ මරු...
දැනුම්දීම් කීපයක් කළා... ඒත් දවස් 4ක් තිස්සේ තවමත් කරන්ට් එක නෑ.
විදුලිය නැ ඊයේ සිට. අනික් තැන්වලට තියනවා අපිට නැහැ. කෝල් ගත්තාට වැඩ නැහැ.
මොකද්ද මේ උබලාගේ මෙලෝ රහක් නැති සර්විස් එක. අපිට ඊයෙ රෑ ඉදලා කරන්ට් එක නෑ. හදිස්සි ඇමතුම් අංක එකක්වත් වැඩ නෑ. ඒ වුණාට බිල දාන්නනම් එනවා වෙලාවට. හිගන විදුලි බල මණ්ඩලය.