( රොමේෂ් මධුෂංඛ සහ එන් පරමේෂ්වරන්)
යාපනය පන්නෙයි කොටුව අසලදී අද (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කර පළා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.
යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා නැමති 29 හැවිරිදි සිසුවියක් මෙසේ ඝාතනයට ලක් වී ඇත.
සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් මත සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත් එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කර තිබේ.
මුහුදු තල්ලුකර පලා යාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලීසියට බාර දුන් බවට ප්‍රදේශවාසීහූ පොලීසියට පවසා සිටියහ.
ඝාතනය වූ වෛද්‍ය සිසුවියගේ හා සැකකරු අතර වූ ප්‍රේම සම්බන්ධතාවය ආරවුලක් දක්වා දුරදිග යාමෙන් සිදුවී ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පළ කර සිටියි. සැකකරු යුද හමුදා සෙබළෙකු බවටත් ඔහු පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බව පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන යාපනය පොලීසිය වෙතට රැගෙන විත් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පුළුල් පරික්ෂණයක් අරඹා ඇත.


( ඡායාරූප- රොමේෂ් මධුෂංඛ)

(ඡායාරූප - තුසිත කුමාර )
COMMENTS
කිව්වට තරහ ගන්න එපා. මොන විදියටවත් ගළපන්න බෑ. මේ බව ඔබේ ඉගෙන ගත් දරුවන්ට වේලාසනින්ම කියන්න.
පාසැල් ප්‍රේමයේ අඳුරු පැතිකඩ..............
හමුදා සේවයේ අය අපරාධයක් කළද, නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ජන මතයක් පසුගිය කාලයේ ඇති වුනා. දැන්වත් නීතිය සැමට පොදු විය යුතු බව සැමෝම සිතා ගත යුතුය. නැත්නම් මෙවැනි අපරාධ කරුවන්ටද නිදහස ලබා දීමට මතයක් ගොඩ නගාවී.
ප්‍රදේශවාසී වීරෝධාර ජනයාට උපහාර පිදිය යුතුයි. දකුණේ හා ත්‍රිකුණාමලයේ සිදුවූ මෙවැනි සිදුවීම් බලා සිටි පිරිස කළේ වීඩියෝ කිරීම පමණයි. අකාලයේ මිය ගිය දියණියට නිවන් සුව !
මෙතරම් උගත් දරුවෝ ඇයි මේ ආකාරයට විනාශ වෙන්නේ ? ඇයි අපිට ඉවසීම කරුණාව නැත්තේ ?
වචන දෙකක් නෑ දැන් උඩ පැනගෙන නටයි රණවිරුවෝ කියලා..........
පේමති ජායතී සෝකෝ.පේමති ජායතී බයන්.
ලංකාවේ දරුවන්, කාන්තාවන් ඝාතනයට ලක් වෙන්නේ තමන්ගේම දෙමව්පියන් සැමියන් පෙම්වතුන් ළඟම ඥාතීන් අතින්. හේතුව අපේ සමාජයේ දරුවන්ට කාන්තාවන්ට ඉතා අඩු තක්සේරුවක් තිබීම. සමාජයේ හැමතැනම දකින්න ලැබෙන්නේ මිනීමැරුම් සහ අතවර නම් මිනිස්සු හිතනවා ඒව සාමාන්‍ය දේවල් කියලා. අනිත් පැත්තෙන් කළ වරදට දඬුවම් ලැබෙන්නෙත් නැහැ. එක්කෝ ඇප ලැබෙනවා, අත් හිටවූ සිර දඬුවම් ලැබෙනවා. හිරේ ගියත් අභියාචනා ඉදිරිපත් කරලා නිදහස් වෙනවා. නැත්නම් දේශපාලකයන්ගේ අනුහසින් නිදහස් වෙනවා. දේශපාලකයෝ කවදාවත් මේ සමාජය හදන්නේ නැහැ. ඒ හින්දා දැන්වත් අධිකරණය සමාජය හදන්න ඉදිරිපත් වෙන්න. මේ දවස්වල දේශපාලකයන්ගේ අලුත්ම ගොදුර බවට පත් වෙලා තියෙන්නේ විනිසුරුවන්. රන්ජන් විනිසුරුවන්ට කටට වචන දිදී ඔවුන් උගුලකට අසුකිරීම විතරක් නෙමෙයි ඒ හඬපට හින්ද විනිසුරුවන්ට දෙන දඬුවමත් දේශපාලන බලපෑම උඩ සිද්ධ වෙන්නක්. අද විනිසුරුවන් අත්අඩංගුවට ගන්න, දඬුවම් දෙන්න කියන්නේ දේශපාලන හෙන්චයියන්, හාමුදුරුවරු, පෝස්ටර්. ඒනිසා අනාගත නඩු වලදී පන්ති, තනතුරු භේදයක් නැතුව වැරදිකාරයන් සියලු දෙනාටම ඉතා දැඩි දඬුවම් දීල අධිකරණය ස්වාධීනයි කියලා ජනතාවට පෙන්වන්න විනිසුරුවන් එකමුතු විය යුතුයි.
නිකමට හරි වෙන ජාතියක දරුවෙක් වුනා නම් බලන්න තිබුනා අපේ සමහර මෝඩයෝ කියන කතා. මෙන්න රණවිරුවොන්ගෙන් පළිගන්නවෝ කියමින් රටම ගිනි තියයි. අපේ මිනිස්සු තේරුම් ගන්න ඔන හැම ක්ෂේත්‍රෙය්ම සුලු පිරිසක් ඉන්නවා සහ ඔවුන් විනාශකාරි වැඩ කරනවා කියන එක. ඔවුන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕන කියන මතයේ ඉන්න අය දැනගන්න ඕන මෝඩ දේශපාලුවන්‍ට අහුවෙන්න නැතුව ඉන්න.
රණවිරුවා හරි කවුරුහරි කමක් නැහැ ඒ වෙලාවෙම ඉවර කරන්න තිබුනේ. මේ අයටම ගිය රටක්නේ. තවමත් ශිෂ්ඨාචාර ගත නොවුන මිනිසුන් සිටින රටක මිට වඩා යමක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද...?
පව් අසරණ දරුවෙක්.මෙයත් අපේ සමාජයේ කඩාවැටීමේ ප්‍රතිඵල නොවේද ?? මෙම පරයා හමුදා සෙබලෙක් කීමටත් ලජ්ජාවිය යුතුය. " ඉවසීම,දරාගැනීමේ ශක්තිය " නැති අය කෙසේ හමුදා සේවයේ යෙදෙන්නේද ??? කෙසේ වෙතත් ඒ අවට ජනතාවට අප මෙවන් අයෙකු අල්ලාදීම පිලිබදව අපේ ආචාර්ය පුදකරන්නෙමු.
මොහු රණවිරුවෙක්, මොහුට එරෙහිව නීතිය ක්‍රියායාත්මකවීම බයියන්ට අනුව ඉතාමත් වැරැදී ක්‍රියාවක්.
හමුදාවේ වෙලත් අපරාධයට පිහියක් පාවිච්චි කරලා කියලා දැන ගත්ත ගමන් මන් බැලුවේ දකුණේ එකෙක් ද කියලා
ලංකාවේ මෙවැනි සිදුවීම් සිදුවෙනුයේ හමුදා සෙබළුන් අතින් පමණක්ද යන ගැටලුව ඔබ හමුවේ තබමි. මෙතන ගැටලුව වෛද්‍ය සිසුවියක් ද හමුදා සෙබළෙක්ද යන්න නොවෙ. කුහක අදහස් පළකිරීමෙන් වලකින්න .
වෛද්‍ය සිසුවියක් වීම බරපතලයි. මොකද වෛද්‍ය පීඨයට යන්නේ උසස්පෙළින් ඉහලම මට්ටමේ සමත් කම් දක්වන අය. මේ තරුණිය තමන් දිනා ගත් ඒ දුලභ අවස්ථාවේ වටිනාකම හැගීම් ඉදිරියේ බාල්දු කළා. එය තමයි අද මාධ්‍ය වලින් තරුණ පරපුරට කරන අපරාධය. මව්පියනුත් වග කියන්න ඕන. මොකද දරුවන් හදනවා කියන්නේ විභාග වලට දුවවන එක ම නෙමෙයි. ජීවිතේ වටිනාකම් ගැන පොඩිකාලේ පටන් ම කියලා දෙන්න ඕනේ. පොළොවේ පය ගහල ඉන්න , ප්‍රශ්න ඉදිරියේ හැගීම් වලින් තීරණ ගන්නේ නැතුව බුද්ධිමත් වෙන්න. සමාජයේ තමන්ගේ ගමන නොසැලී ඉස්සරහට යන්න. අවුරුදු 22ක් ඒ මව්පියෝ කරපු කැපවීම එක මොහොතින් ඉවර වුනා.