(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස නැවත වතාවක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාම පත්කරන්නැයි වෛද්‍ය සභාවට ඡන්දයෙන් පත්වූ සාමාජිකයන් පස් දෙනකු සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකත්වයට ඡන්දයෙන් පත්ව සිටින වෛද්‍යවරුන් වන උපුල් ගුණසේකර, චන්දන අතපත්තු, සුසිත් සේනාරත්න, පුෂ්පිත උබේසිරි සහ සුරේෂ් සම්මුගනාදන් යන මහත්වරු සෞඛ්‍ය ඇමැතිවරයාට ලිපියක් යවමින් එම ඉල්ලීම කර තිබේ.
කාලෝ ෆොන්සේකා මහතා අග්නිදිග ආසියා රටවල වෛද්‍ය සභාවල සභාපති ධූරයට පත්ව සිටින අතර මහාචාර්යවරයාගේ එම ධූර කාලය නිමවීමට තවත් වසරක කාලයක් තිබෙන බවද ඒ මහතාට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය අහිමි වුවහොත් එය ශ්‍රී ලංකාවට නුසුදුසු තත්ත්වයැකැයි ද එම සාමාජිකයෝ ඇමැතිවරයාට යැවූ ලිපියේ සඳහන්වේ.
මීට අමතරව රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතන නඩුව හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධ වෙනත් වැදගත් නඩු කිහිපයක අධිකරණ කටයුතු නිම නොවීම හා වෛද්‍ය සභාවේ සිදුවන තාක්ෂණික වෙනස්කම් ආදිය ද සලකා ෆොන්සේකා මහතාට නැවත එම ධූරය ලබාදෙන්නැයි එහි සඳහන් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැමුන්ට රජයේ තනතුරු දරන්න පුලුවන්නම් ඇයි කාලෝ මහත්තයාට බැරි? එහෙම වෙන්න බැහැනේ..
සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තුරු එතුමා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස සිටිය යුතුයි.
කාලෝ මහත්තයෝ දැන් කුමක් කරන්නද කල්පනාව?
රාජ්‍ය සේවයේ උපරිම සහ ප්‍රබලම තනතුරු දෙක තමයි ජනාධිපති ලේකම් සහ ආරක්ෂක ලේකම් කියන්නේ .සතියක් ඇතුලත ඔන්න දෙන්නම ගෙදර ..රජයේ සේවකයන්ට එල්ලවෙලාතියෙන දේශපාලන බලපෑම් වල ප්‍රමාණය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි මේවා දිහා හොදින් බලාගෙන හිටියානම් . වෛද්‍ය සභාවට නැවතත් කාලෝ ෆොන්සේකා වගේ කෙලින් චරිත මේවෙලාවේ උවමනා කරන්නේ දේශපාලන ගොබිලන්ගෙන් රටේ සෞඛ්‍ය සේවයේ ඉතිරිවෙලා තියෙන ටිකවත් බේරගන්න ඕන නිසයි .එහෙයියෙක් පත් වුනොත් ලොකු විනාශයක්
කාලයක් වැඩ කලාම විශ්‍රාම ගන්න ඕන නේද?
අනේ කාලෝ සීයේ දැන්වත් පාඩුවේ ඉන්න ජීවිතේ අන්තිම දවස් ටිකවත්. ලංකාව වගේ රටක මේ වගේ කල් ඉකුත් වෙච්ච අයගෙන් දියුණුවක් කවදාවත් ලබන්න බැ. පේනවනේ වෛද්‍ය සභාව නටන නැටිල්ල. ඉන්දියාවේ, බංගලාදේශේ, රුසියාවේ, ජෝර්ගිඅවේ, මුදල් දීල දොස්තරල වෙලා එන උදවියයට කිසි ප්‍රශ්නයක් නැ. යල් පැනපු මේවගේ උදවිය ඉන්නකන් රට අඹ සරණේ.
ජනපතිතුමනි, මැණික් යට ගිහින් ගොම රිටි උඩ එන කාලයක් නැවත ඇති නොවී මෙතුමාගේ මුහුකුරා ගිය දැනුම රටට ලබා දීම ඔබේ වගකීමයි. අපේ රටේ ජනතාව බුද්ධිමත් බව 2015 ඔප්පු කල වගේම දැනුත් ඒ බව ඔප්පු කරන්න.
දැන් හැම එකටම ඉල්ලීම්. හැම කෙනාම කරන්න ගත්ත වැඩේ කරන්නේ නෑ... අනිත් වැඩ නම් බැහැල කරනවා.
[ධම්ම Monday, 03 July 2017 02:51 PM සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තුරු එතුමා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස සිටිය යුතුයි.] මොකොද එතුමා ඒකෙ හිටපු කාලයේදී විසඳුමක් ලබා ගන්න උත්සාහයක් නොකරේ ?
පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති වෙලා සිටියදී මහින්ද රාජපක්ෂ මහතා ගෙදර ගියා නම් , ඔය තනතුර මීලගට පත් වෙන කෙනාට භාර දී ගියාම මොකද වෙන්නේ ?