(ඩයනා උදයංගනී )
ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවසූහ.
කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමන් මේ බව සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොර දියේ මලු බානවා වගේ මෙයා
අපේ මහනායක හාමුදුරුවන් වහන්සේලා කතා කරන්නේ නැද්ද
කියල නිවේදනයක් නිකුත් කරගෙන වගේ..
අගරදගුරු මහානායක තුමන්ලා කීවාට මෙයාලගේ තිරිසන් ගති නැතිකරන්න බෑ.
මෙවැනි ඉල්ලීමක් ආගමික නායකයකුගෙන් අසන්නට ලැබීමත් අපි කරපු පිනක් තමයි.
ඔබ තුමාගේ ඉල්ලීම ඉතාමත් ඉහලින් අනුමත කරමු. මොවුන් කරනුයේ වෘත්තීය ක්‍රියාමාර්ගය නොවේය. සයිතම් ඔවුන්ගේ වෘත්තීයට කිසි බලපැමක් නොමැත. එය රජයේ ප්‍රතිපතියකි. එහි හොඳ නරක පෙන්නා දෙනවා විනා, වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේ මුදලින් ඉගනගත් ඔවුන්ට අයිතියක් නොමැත.
අපේ හාමුරුවරු නම් ඉල්ලා හිටියේ "ව්‍යවස්ථාව" වෙනස් කරන්න එපා කියලයි .
නියමයි අගරදගුරුතුමනි
සමහර රෝහල්වල අන්ත දුක් විඳින රෝගීන්ගේ තත්වය තඹ දොයිතුවකට හෝ මායිම් නොකර, සිය සුඛ විහරණය ගැන පමණක් සිතා වැඩ වරණ මොවුන්ට "දොස්තර" කියන්නවත් අපහසු රටකි, "සකල සිරින් පිරි සිරි ලංකාව". මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමනි, ... "මනුෂ්‍යත්වයේ නාමයෙන්" (!) මාස කිහිපයකට ඉස්සර වටිනා වාහන ඉල්ලා වැඩ වර්ජනයක යෙදුනෙත් මේ අමානුෂික පුද්ගලයන්ම බව රටට තවම අමතකවී නැති බව මතක් කරන්නේ ගොව්රවයෙනි !
පියතුමනි, සයිටම් එක වහන්න කියලා පාලකයින්ගෙන් ඉල්ලන්න. පුද්ගලික විශ්වවිද්‍යාල රටක තිබිය යුතු නමුත් මේ රට තවම ඊට සුදුසු නැහැ. ආයිබොවන් කියලා සින්දු කියපු සමහරුන්ටත් ඕකේ දොර ඉබේ ඇරුණා.