IMG-LOGO

වෛද්‍ය පාදෙණිය නිතරගයෙන්ම යළි සභාපති තනතුරට

(රංජන් කස්තුරි)
විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා අඛණ්ඩව 7 වැනි වරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට පත්වීමට නියමිත ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2017/2018 වර්ෂය සඳහා නව නිලධාරී  මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණය ලබන ජූනි සම 24 වැනි දා කොළම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

එම නිලධාරී මණ්ඩලය තෝරා පත් කරගැනීමට නාම යෝජනා බාර ගැනීම ඊයේ (24) පස්වරු 4.00ට අවසන් කෙරුණ අතර වර්තමාන සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කණ්ඩායමට එරෙහිව මෙවර කිසිදු නාමයෝජනාවක් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා 2011 වසරේ සිට මේ දක්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

පාදෙණිය මහතා මෙවරද සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන අතර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ලේකම් ධුරය සඳහා නාමයෝජනා ලබාදී තිබේ.

වර්තමාන ලේකම් නවීන් ද සොයිසා මහතා සහ වෛද්‍ය නලින්ද හේරත් යන මහත්වරුන් 2017/2018 වසර සඳහා සහකාර ලේකම්ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.



අදහස් (20)

වෛද්‍ය පාදෙණිය නිතරගයෙන්ම යළි සභාපති තනතුරට

ananda Thursday, 25 May 2017 12:06 PM

අපේ උණුසුම් සුබ පැතුම්, ඔබතුමාගේ සේවය අවශ්‍යම මොහොතක් මේ

:       649       952

mahinda Thursday, 25 May 2017 01:28 PM

සැබෑ සිතින් නිහතමානී නම් මෙවර නම යෝජනා ඉදිරිපත් නොකර ඉන්න තිබුනා. එතකොට වෙන කෙනෙකුට අවස්ථාව ලැබෙනවනේ. තම නාම යෝජනා බාර දීමෙන් කියන්නේ තවත් ඉන්න ඕන කියලනේ.

:       1073       688

සමන්ත Thursday, 25 May 2017 03:29 PM

සාමාන්‍ය ජනතාව රකින්න උත්සාහ ගන්නා ඔබ වැනි මහත්වරුන් ඔවැනි තනතුරු වලට අනිවාර්යෙන්ම පත් විය යුතුයි. අප වැනි සාමාන්‍ය ජනතාවගේ ආශිර්වාදය ඔබතුමාට නිරන්තරයෙන් ලැබේ. බුද්ධියෙන් අඩු, තමන්ගේ බඩ ගැන විතරක් සිතන, එක එක දේශපාලන පක්ෂ වලට කත් අදින කොතෙකුත් සිටියත්, ඔවුන් මාගේ අදහසට කොපමන ගැරහුවත් බුද්ධිමත් පුද්ගලයා මේ පත්වීම නිවැරදි බව තහවුරු කරනු ඇත.

:       1036       1922

MigidaThursday, 25 May 2017 08:11 PM

සාමාන්‍ය ජනතාව ගැන ඔබ මොනවාද දන්නේ. ඔවුන් තමා පාදෙනියගේ වර්ජන වලින් පීඩා විදින්නේ , නුබ නොවේ . අසරණ රෝගියා කෙනෙක් තවත් අසරණ කෙරේද ඒ තැනැත්තාට හිමිවියුත්තේ අපාය මිස නිවන නොවේ.(ධම්ම පද ).

:       198       2

LasithFriday, 26 May 2017 06:14 AM

සමන්ත, මෙය කොහොමද සාමාන්‍ය ජනතාව රකිනවා කියන්නේ. දහස් ගණන් අරගෙන චැනල් කරන්නේ සාමාන්‍ය ජනතාව රකින්නද? දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න. ලොක්කන්ගේ පස්ස ලෙව කන්න යන්න එපා ඔහොම.

:       234       0

ප්‍රියන්ජිත්Saturday, 27 May 2017 11:57 AM

සමන්ත මහත්තයෝ... මමත් ඔබතුමා එක්ක එකඟයි. පුදුමෙ කියන්නෙ ඔබතුමා කියල තියෙන දේ ඔප්පු කරල මට කලින් දෙන්නෙක්ම ඔබතුමාට උත්තර දීල තියෙන එක. කොහොම වුණත් ඔබතුමා කියල තියෙන දේ ඇත්ත කියලා පිළිඅරන් තියෙන ප්‍රමාණය බැලුවහම ඒ දෙන්නට උත්තර නම් දෙන්න ඕනෙත් නැහැ.

:       0       58

Desilva Thursday, 25 May 2017 08:01 PM

රෝගීන් තව තවත් අසරණ කරන මෙවුන්හට මාරයගේම පිහිටයි .

:       76       0

pitabaddara jayaa Thursday, 25 May 2017 11:44 PM

අය්යෝ අහිංසක ලෙඩ්ඩු !

:       13       2

dik Friday, 26 May 2017 01:43 AM

මගේ උණුසුම් සුබපැතුම්

:       20       177

LasithFriday, 26 May 2017 06:18 AM

මෙතුමා කවුද කියලා තාමනම් හඳුනගන්න බැහැ... ?

:       0       0

Susil Friday, 26 May 2017 02:06 AM

කොහොමත් උසාවියට අපහාස කිරීමට අවුරුද්දක්වත් හිරේ යයිනෙ..

:       11       13

ලුම්බිණි Friday, 26 May 2017 02:21 AM

අපේ අවාසනාව.

:       7       13

theshan Friday, 26 May 2017 03:35 AM

ඉසෙල්ලා හිටපු ත්‍රස්තවාදීන් LTTE , දැන් මේක. ඉතාම ඉක්මනිඅන් ජනතාව පෙලගසුනේ නැත්නම්. මේ ත්‍රස්තවාදීන් මර්දන කල නොහැක.

:       67       59

සාලිය Friday, 26 May 2017 03:56 AM

අපි අපේ දරුවන් වෙනුවෙන් අගය කලයුතු චරිතයක් . එමෙන්ම අප විසින් ආරක්ෂා කලගතයුතු පුද්ගලයෙකි .පටුදේසපාලනයට සහ අසාධාරණ මුදලට යට නොවී . අපේ දරුවන් වෙනුවෙන් සහ රටේ ඉදිරිය වෙනුවෙන් තව තවත් මෙවන් උගත් රටට ආදරය කරන මහතුන් බිහිවිය යුගකයයි අප සිටිනුයේ ,

:       58       253

LasithFriday, 26 May 2017 06:20 AM

සාලිය, ඉස්කෝලේ ගිහින් ටිකක් ඉගෙන ගත්තාට පස්සේ මේවට ලියනවද? එහෙම හොඳයි නේද?

:       26       0

upaliFriday, 26 May 2017 06:39 AM

සාලිය ඔබට හොඳටම වැරදිලා. එහෙමත් නැත්නම් අතීතය අමතක වෙලා. ඔය සියටම් පිහිටුවන කොට එහෙමත් නැත්නම් සුදු වෑන් වලට බයේ සද්ද නැතිව හිටපු අය දැන් සිංහ වෙස් අරන් තියෙන්නෙ පටු දේශපාලනය නිසාම තමයි.

:       29       0

Lasith Friday, 26 May 2017 06:17 AM

7 පාරක්ම ඉල්ලනවා කියන්නේ මේකේ තියෙන ප්‍රජතන්ත්රවාදේ තරම පේනවා. මේකත් LTTE වගේ තමා. සාමාජිකයන්ට මේකේ නිලධාරීන්ට විරුද්දව එක වචනයක් කියන්න බෑ.

:       42       0

රාජිතSaturday, 27 May 2017 12:12 PM

ලසිත, ඒ ගොල්ලො ඡන්දෙ ඉල්ලන වෙලාවෙ ඔයා එතන හිටියද තවත් කට්ටිය ඉල්ලුවද නැද්ද කියල බලන්න.... නැත්තන් ඔයාට කව්රු හරි කිව්වද අනෙක් කට්ටියට ඉල්ලන්න දුන්නෙ නැහැ කියලා....

:       0       61

Upali Friday, 26 May 2017 06:35 AM

මේ දොස්තර මාෆියාව රෝගීන්ගෙන් ගුටි කන දවස ඉතාමත් ආසන්නයි.... වගේ...

:       12       0

sudesh Friday, 26 May 2017 08:23 AM

ඔබට ජය ශ්‍රී මැතිදුණි .....

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 77 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 287 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site