IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විද්‍යා නඩුවේ සාක්කි දුන් පොලිස් පරීක්ෂක අධිකරණ රෙජිස්ටාර් බාරයේ

(තරිඳු ජයවර්ධන සහ සිරාජ් හසීම්)

යාපනය පුංකුඩිතිව් හි ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ සාක්කි ලබාදුන් යාපනය හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්වීටර් පෙරෙයිරා අද (04) දිවා විවේක කාලයේදී අධිකරණ රෙජිස්ටර්වරයා භාරයේ තබන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

ඔහු සාක්කි ලබාදීමේදී යම් යම් කරුණු වසන් කරන බවට නිරීක්ෂණය වූ නිසා විනිසුරු මඩුල්ල එලෙස නියෝග කළේය.

මෙම නඩුවේ නව වැනි  සැකකරු වන ස්විස් කුමාර් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දුන් නියෝගය ක්‍රියාත්මක නොකළේ ඇයිදැයි අධිකරණය විමසීය.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට සාක්ෂි නොතිබූණු බවට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සම්බන්ධය වසන් කරමින් සාක්කි දෙනවා දැයි විමසූ අධිකරණය ඉහත නියෝගය කළ අතර ඔහු සාක්කි ලබාදුන් ආකාරය ගැන දැඩි දෝෂාදර්ශනයට ලක් කළේය.



අදහස් (5)

විද්‍යා නඩුවේ සාක්කි දුන් පොලිස් පරීක්ෂක අධිකරණ රෙජිස්ටාර් බාරයේ

hewaswitharana Tuesday, 04 July 2017 09:00 PM

මීට අවුරුදු තිහ හතලිහ කට පෙර පොලිස් නිලධරීන් හැඳින් වුයේ කුම්බලාවුන් යන අන්වර්ථය නාමයෙනි දැනටත් ඔවුන්ට ඒ නම ගැලපෙන්නේ නැද්ද

:       0       3

vijitha Wednesday, 05 July 2017 01:05 AM

මේ වගේ ජරා පොලිෂ් කාරයන්ට නම් උපරිම දඬුවම් දෙන්න ඕන.

:       8       39

sachith Wednesday, 05 July 2017 03:01 AM

එතකොට එතුමා ඒ කලේ ඉදලම නීතිය නවලද?

:       0       46

ravin Wednesday, 05 July 2017 04:46 AM

මෙතන තියෙන්නේ උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර කතාවක්. දුෂිත නිලධාරීන් ඉහල ඉන්නකොට පහල නිලධාරීන් හට වෙනදේ. කියනවිදියට වැඩ නොකොළොත් උසස්වීම් නැහැ. සමහර අවස්ථාවල බොරු චෝදනා එල්ල කරලා විනය දඬුවම් කරනවා. මේවගේ සිද්ධීන් නිතර ඔය දෙපාර්තුමේන්තුවේ සිද්ධ වෙනවා , අහන්න ලැබෙනවා. කියවන්න ලැබෙනවා.

:       0       79

vipula Wednesday, 05 July 2017 04:49 AM

මහා එක නීතිය නවන්න කතාකරන කොට පොඩි අය හිටන් නවන්න පටන් අරගෙන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site