(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බවට අත්අඩංගුවට ළමා නිවාසයේ රඳවා සිටි පාසල් සිසුවා රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (14) නියෝග කළේය.
නඩුව සමත මණ්ඩලයට යොමු කර සමත මණ්ඩල වාර්තාව සැප්තැම්බර් 11 වැනි දා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් නියෝග කෙරිණි.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවෙකි.
ඉකුත් 10 වැනිදා සිසුවා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සිසුවාගේ මව 9 වැනි දා උදෑසන රෝහලේ 19 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති අතර සැකකරු මව බැලීමට වාට්ටුවට ගිය අවස්ථාවේ මව වෙනත් වාට්ටුවකට මාරුකර තිබියදී එසේ මාරු නොකර ප්‍රතිකාර ද කර නොමැතිව තබාගෙන සිටින බව පවසා වෛද්‍යවරයාට පහරදී ඇති බවයි.
එහිදි සැකකරුගේ නිතිඥවරුන් කියා සිටියේ සැකකරු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකු වන අතර කිසිසේත් පහර දිමක් කර නොමැති බවය. ඔහුගේ මව ප්‍රතිකාර සඳහා එම වාට්ටුවට ඇතුළත් කර ඇති බවත් මවගේ තත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් විමසු විට වෛද්‍යවරයා උරණවී ඇති බවත් නිතිඥවරු කියා සිටියහ.
COMMENTS
දරුවා, ඔබ කියන දේ හරි...
එහෙම නම් වෛද්‍යවරු සහ නීතීඥවරු අතර තරගයක්. සමහරවිට මෙම ශිෂ්‍යයාගෙන් පහරදීමක් වෙලා නම් මේ වනවිට වෛද්‍ය සංගමය වැඩවර්ජනයකට ගිහිල්ලා ඇති.
දරුවෝ ඔබ නිවැරදියි
1995 වසරේ රාත්‍රී කාලයේ මට නාවලපිටිය රෝහලට ඇතුලත් වෙන්න වුණා.. අධික ඇදුම රෝගය නිසා. ඒ දවස්වල මම බෝඩින් වෙලා හිටපු උසස්පෙළ සිසුවෙක්. පවුලේ කිසිවෙකුත් නැතිව රෝහල් ගතවුන මාව දොස්තර බලන තුරු නිරාහාරව පැය දෙකහමාරක් පසු දින උදයේ, එළියේ බංකුවක ඉන්දවල තිබ්බා. නිසි ආහාරයක් හෝ බීමක් නැතිව හිටපු මට කලන්තය වගේ දැනුණු නිසා මම දොස්තර ලඟට ගියා ඇඳට යන්න අවසර ඉල්ලන්න. තරුණ වෛද්‍යවරියක් සමග මේසයක වල්පල් දොඩමින් සිටි දොස්තර ඔවුන්ගේ කතාවට බාධා කළා යයි කිපී, මට ඉතා පහත් ලෙස බැණගෙන ගියා. ශබ්දය ඇසී අසලට ආපු අයට කිවුවේ මම හැසිරෙන විදිය දන්නේ නැති බවයි. කිසිත් නොදත් අනිත් රෝහල් සේවකයන් මම ටිකට් කපාගෙන එනතුරු මට සැලකුවේ හැදියාවක් නැති එකෙකු ලෙසයි. මේ (කුණු) දොස්තරලාට ඔවුන්ගේ වපසරියේ ඕනෙම විදියට කතන්දර හදන්න දක්ෂයි. ඒ දරුවට වෙන්න ඇත්තේ ඔය වගේ වැඩක්. පුංචි එකෙක් කල වරදකට උසාවිය දක්වා ඇදගෙන යන මේ දොස්තරද මට හමුවුණු නරුම දොස්තර වැන්නෙකු විය යුතුය. පාන් පෙත්තකින් ජූලියා ගිලාඩ් අගමැතිනියට පාසල් දරුවෙකු ගැසූ විට ඇය සමාව දුන්නා. ශ්‍රේෂ්ඨ මිනිසුන් වැඩ කරන්නේ එහෙමයි.
ලංකාවේ හොදම රජයේ රෝහල් 3 තමයි 1. කළුබෝවිල රෝහල. 2.ජාතික රෝහල 3.රාගම රෝහල මෙහි කාර්යක්ෂම වෛද්‍ය සේවයක් ඇත. අනෙක් රෝහලුත් මෙම රෝහල් ආදර්ශයට ගත යුතුයි.