පද්මා කුමාරී කංකානම්ගේ
කල්පිටිය - ආලංකුඩාව මධ්‍යම බෙහෙත් ශාලාවේ බාහිර රෝගී අංශයේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි ගැබිණි වෛද්‍යවරියකට මරණ තර්ජන එල්ල කළේ යැයි පුද්ගලයෙකු නොරොච්චෝල පොලිසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍යවරිය රෝගියෙකු පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ වෙනත් රෝගී කාන්තවක කැටුව පැමිණි සැකකරු එම රෝගියා පරීක්ෂා කිරීම නවතා තමා රැගෙන ආ කාන්තාව පරීක්ෂා කරන ලෙස ඉල්ලා ඇත.
අසාධ්‍ය රෝගී ලක්ෂණ දිස් නොවූ එම රෝගී කාන්තාව පරීක්ෂා කළ හැක්කේ තමා පරීක්ෂා කරමින් සිටින රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් පසුව බව එහිදී වෛද්‍යවරිය සැකකාර පුද්ගලයාට කරුණු පැහැදීලි කර දී තිබේ.
එහිදී කෝපයට පත් සැකකරු යම් හෙයකින් තම රෝගියා මිය ගියහොත් වෛද්‍යවරිය මරා දමන බවට තර්ජනය කර ඇත.
මරණ තර්ජන එල්ල කළ ද එම රෝගී කාන්තාව පරීක්ෂා කොට ඇයට ප්‍රතිකාර සිදු කොට ඇති අතර වැඩි දුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට යොමු කර තිබේ.
පසුව වෛද්‍යවරිය විසින් නොරොච්චෝල පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් සිදු කර ඇති අතර සැකකරු හෙට (2 ) පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නොරොච්චෝල පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් දෙනකොට කිසිම දේක වටිනාකමක් නැහැ.
රෝගියෙක් පරීක්ෂා කරනකන් ඉන්න බැරි මුස්ලිම් මිනිස්සුන්ට තමයි. ඒ මිනිස්සුන්ට ඕන රෝහලට ආවගමන්ම බෙහෙත් අරගෙන ගෙදර යන්න හරියට බත් මුට්ටිය ලිපේ තියල ආව වගේ පුදුම හදිස්සියක් ඔවුන්ට තියෙන්නේ.
ගැබිණි වෛද්‍යවරියකට නොව කාන්තාවකට වුවද තර්ජනය කළ මානසික රෝගියා මුල්ලේරියාවට යැවිය යුතුයි.