(ආරියරත්න රණබාහු)
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් යළි සේවයේ පිහිටවනු ලැබ තිබේ.
ඉකුත් මාර්තු මස 2 වැනිදා ඒ මහතා වැඩ තහනමට ලක් කරනු ලැබුවේ හිටපු පළාත් ආණ්ඩුකාර කේ.සී.ලොගේෂ්වරන් මහතා විසිනි. මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ විමර්ශන වාර්තාවට අනුව ආණ්ඩුකාරවරයා එම පියවර ගෙන තිබිණි.
විමර්ශන කොමිසම පසුගිය පෙබරවාරි 6 වැනිදා ජනාධිපතිවරයාට බාරදී තිබූ වාර්තාව මගින් කොළඹ නගර සභාව කසළ බැහැර කිරීම විධිමත් වැඩපිළිවෙළක් අනුව නොකළ බවට වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර මහතා හොද නිලදාරියෙක්..සුබ පැතුම්
ගැටළු ඇතිවන්නේ බොහෝ විට වැඩකරන දක්ෂ නිලධාරීන්ටයි.වැඩ නොකරන නිලධාරියට වැඩිම වුනොත් ස්ථාන මාරුවක් ලැබෙයි.එකත් බොහොම කලාතුරකින්
ක්‍රමවත් පරීක්ෂණ වලින් තොරව හිතුමතේ නිලදාරීන් වැඩ තහනම් කිරීම තාවකාලිකව පත්වන දේශපාලකයින්ට පුලුවනිද? කොටින්ම මෙම නිලදාරියාගේ වැඩ තහනම් කල ඒ දේශපාලුවත් තනතුරේ වැඩිකල් සිටියේ නැතිකොට.