IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැඩබලන නීතිපති දප්පුලද ලිවේරා

මනෝප්‍රිය ගුණසේකර
 
වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත.
 
නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා විදේශ සංචාරයක නිරත වීම හේතුවෙන් දප්පුල ද ලිවේරා මහතා මෙලෙස වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත.
 
බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වන නීතීඥ මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් එහි කටයුතු මෙහෙයවනු ලබන්නේද වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇති දප්පුල ද ලිවේරා මහතාය.
 
විදේශ සංචාරයක නිරත වී සිටින නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා ලබන 16 වැනිදා යළි ලංකාවට පැමිණීමට නියමිත අතර ජයසුරිය මහතා පැමිණෙන තුරු  නීතීපති තනතුරේ වැඩ බැලීම සඳහා වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පත් කොට ඇත.



අදහස් (13)

වැඩබලන නීතිපති දප්පුලද ලිවේරා

ජගත් ලියනගේ Sunday, 05 November 2017 12:35 PM

එතුමා වැනි නිර්භීත රජයේ සේවකයන්, ලංකාවට තව තවත් බිහිවේවා !!!

:       294       947

JaySunday, 05 November 2017 02:42 PM

ඔයවගේ නීර්භීත කාන්තාවක් අගවිනිසුරු වෙලා හිටියා. ඒ වගේ අයටත් වද දුන්නනේ...

:       809       25

lal Sunday, 05 November 2017 01:15 PM

මෙතුමාත් යසන්ත මැතිතුමා ඇතුලු නීතිපති දෙපාර්තුමෙන්තුවේ නිළධාරීන් අති විශිෂ්ඨ සේවයක් කලේ දේව කාරියටත් ඉහලිනුයයි, මෙතුමාට මෙම තනතුර ලැබීම ඡනතාව වශයෙන් අපි සතුටුවන අතරම අපේ සුභාසිංෂන පිළිගන්න

:       311       802

MARA Sunday, 05 November 2017 01:43 PM

නියම වෙලාවට හොරුටික ඔක්කොම අල්ලමු. ඔබතුමා තමයි නියම සුදුස්සා. ජය පතමි !!!

:       93       515

de silva berlin Sunday, 05 November 2017 01:47 PM

මෙතුමාට මගේ ප්‍රණාමය... මෙතුමා වගේ නිර්භීත නිලධාරීන් තව 10ක් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටියා නම්, අපේ රටට ආර්ථික, සමාජීය වශයෙන් විශාල දියුණුවක් කෙටි කාලයක් ඇතුලත් ලබාගන්න තිබුණා.

:       144       409

nimmi Sunday, 05 November 2017 02:05 PM

ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා!

:       158       308

Sampath Sunday, 05 November 2017 02:55 PM

නියම වෙලාව බැඳුම්කරේ ගේම ඉවර කරන්න.

:       131       326

don Sunday, 05 November 2017 03:36 PM

අපේ රටේ අධිකරණ අංශය හැමදාම එක තැන තියෙන්න ලොකුම හේතුවක් තමයි වැඩ කරන්න කිසිම ලොක්කෙක් ගොඩක් ආයතන වලට නැතිකම.. ඔක්කොම ඉන්නේ ඔක්කොම පත්කරන්නේ වැඩ බලන්නයි.. ඉතින් කට්ටියම වැඩ බලබල ඉද්දි හැමදාම නඩු කල්යනවා...

:       20       1

Ranjith Silva Sunday, 05 November 2017 05:32 PM

නීතිය රජ කරවීමට ඔබට ශක්තිය සහ බලය ලැබේවා.

:       1       107

de silva Sunday, 05 November 2017 10:36 PM

ලංකාවේ නීති ක්ෂේත්‍රයේ මම කැමතිම තුන්දෙනා. යාපනයේ ඉලන්තේරියන් විනිසුරුතුමා, දප්පුල ලිවේර මහතා, ප්‍රීති පද්මන් සුරසේන විනිසුරුතුමා .

:       1       2

Rohana Sunday, 05 November 2017 11:50 PM

බලවතුන්ගේ බලයට යට නොවී රාජකාරි කළ ලිවෙරා මැතිතුමාට දිගාසිරි!

:       0       1

de silva berlin Monday, 06 November 2017 07:50 AM

මම ජීවත්වන ජර්මනියේ නීතිපති දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම ඔබ මෙන් හොරුන්ට, වංචාකාරයන්ට කිසිම බුරුලක් අතීතයේදී දුන්නෙත් නැහැ. දැන් දෙන්නෙත් නැහැ. දෙවන ලෝක යුද්දෙන් විනාශ වුණු ජර්මනිය අද විශාල ආර්ථික, සමාජයීය වශයෙන් විශාල දියුණුවක් ලැබීමට ඉවහල් වූයේ එම රටේ නීතිය හරියට ක්‍රියාත්මක වීමය. එම දියුණුව සමාජයේ ලොකු කුඩා සියලු දෙනාම භුක්ති විඳිනවා. අපේ කරුමෙට තමයි ජීවිතය පරදුවට තබමින් අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නේ ස්වල්පයයි. මට ඔබ පෙනෙන්නේ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින වීර සෙන්පතියකු ලෙසය.

:       0       1

sahan Tuesday, 07 November 2017 05:32 AM

අනේ අපේ ශිරාණි නෝනා ගෙදර යවද්දී මේ දප්පුල උතුමා හිටියේකොහෙද, ඒ කාලේ මේ වගේ පුප්පන්න බැරි උනේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site