( සිතුම් චතුරංග)
පුරාවිද්‍යා ස්ථානයක් වන වවුනියාව - ඕලූමඩු , වඩුන්නාගල කන්දෙහි (වෙඩික්කනාරම්මලෙයි) පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඉදිකිරීම් නවත්වා දැමූ හින්දු කෝවිල පිළිබඳ සොයාබැලීම සඳහා ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නියැලිණි.
අමාත්‍යවරයා විසින් එහි පැරණි ගල්ලෙන් සහිත ස්ථාන, කටාරම් සහිත ගල් තලාවේ පිහිටි බ්රාහ්මීය අක්ෂර සහ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන පිළිබඳ සොයා බැලීය.
ඉදිකිරීමට යොජිත හින්දු කෝවිලේ භාරකරුවන් විසින් අමාත්‍යවරයා වෙත විශේෂ දේවපූජාවක්ද පවත්වනු ලැබීය
එහිදී අමාත්‍යවරයා පැමිණ සිටි පිරිසට පවසා සිටියේ අදාල ස්ථානය හින්දු ජනතාවගේ ආගමික වතාවත් සිදුකිරීම සඳහා නිදහස් කරගැනීමට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කරන බවත් එය වැඩිදුරටත් පාර්ලිමේන්තුව තුළ දී කතා කිරීමට බලාපොරොත්තු වන බවත්ය
වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ඇතුළු උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, දේශපාලන නායකයින් රසක් සහ නෙදුන්කර්ණි ප්‍රාදේශිය ලේකම් එස්.පරන්දමන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
සංහිදියාව දොරේ ගලනවා ආයුබෝවන්ඩ?
ඔහොම බැලුවම සිගිරිය උඩ හැදුවත් කරන්න දෙයක් නැහැ. බෞද්ධ කියන එක දෙසපාලුවෙක් මේ ගැන හොයලා බැලුවද?
කොළඹ කොටහෙනෙත් මෙහෙම තැනක් තිබෙනවා..... බෝගහ යට බුද්ධ රූපයක් තිබෙනවා එතනම එහා පැත්තේ බෝහග යට හින්දු කෝවිලක් හදාගෙන.
බෞද්ධ උරුමය ලංකාවෙන්ම අතුගෑවිලා යන දවස වැඩි ඈතක නොවේ. මහනායක හාමුදුරුවරු මර නින්දේ... කාලකන්නි ඇමතිවරු සන්හිඳියාවට මුවාවෙලා ජාතියට, ආගමට හෙන ගැව්වත් මර නින්දේ. කවදා හරි සිංහලයාට තමන්ගේ මව් රටේ කල්ලතෝනි වගේ තමයි ජීවත් වෙන්න වෙන්නේ.
සිංහල බෞද්ධයා විතරක් මකබෑවෙන සංහිඳියාවක්...
පනින්න බලන් ඉන්න වඳුරන්ට ඉනිමන් තිබ්බා වගේ වැඩක් තමා මේ ආණ්ඩුවෙන් කරන්නේ... ඒකට කියන්නේ සංහිඳියාව කියලයි.
සිංහල බෞද්ධ අපි වෙනුවෙන් ඔය පාර්ලිමේන්තුවේ එක්කෙනෙක්වත් නැද්ද? මේ මොනවද මේ වෙන්නේ? මෙතන පන්සලක් හදන්න ඕන ස්ථානයක්...
දිවයින පුරාම පුරාවිද්‍යා ස්ථාන නිසි පරිදි ආරක්ෂණ අංශ වෙත නොපැවරුවොත් මහා විනාශයක් තමයි වෙන්නේ....
පැරැණි පුරාවිද්‍යා ස්ථානයන් විනාශ වූ බෞද්ධ සිද්ධස්ථානයන් බව කොයි තරම් හොඳට තහවුරු වුණත්, ඊනියා සංහිදියාවෙ මුවාවෙන් අල්ලෙන් විලි වසාගෙන ඉන්නා දේශපාළුවන්ට එම ස්ථානවල පන්සල් හදන්න ඉඩ ලබා දෙන්නට බය නම් අඩුම ගණනේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ගැන සොයා බලා ඒවා තවදුරටත් එසේම වල්බිහිවී තිබෙන්නට ඉඩහරිත්වා!
නොහැකියාව සහ නුගත්කම හොරාකෑවත් කොන්දක් තියෙන නායකයෙක් ඉන්න ඕන රටකට. උදා: ඉරාකය , ඉරානය, ලිබියාව, සිරියාව, උගන්ඩාව, ශ්‍රීලංකාව, මියන්මාරය, තායිලන්තය මෙවැනි රටවලට එකාධිපතියෝ ඉන්න ඕන
උතුරු පළාතේ අන්ත අසරණ දෙමළ මිනිසුන් හිසට සෙවනක් නැතිව ජීවත් වන අතර පසුගිය වසර 3 තුල විශාල වශයෙන් කෝවිල් සැදීම පටන්ගෙන කරගෙන යන බව එම ප්‍රදේශ වල සංචාරය කරන සැවොටම දැකබලාගත හැකිය. නමුත් දෙමල ප්‍රදේශයක පිහිටි රහතන් වහන්සේලා හැට නමකගේ ධාතු තැන්පත් කොට ඇති චෛත්‍ය 60 ක් අදටත් කදුරුගොඩ දැකගතහැක. අක්කර හාරසිය ගණනක් තිබු පුද බිම අද ඉතිරිව ඇත්තේ අක්කර 3 ටත් අඩු ප්රමාණයකි. එහි පන්සලක් තැනීම තහනම් කර ඇත.