ඉන්දිකා රාමනායක
පාතාලය සාමාජියන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හොරොයින් මත්කුඩු සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමඟ මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
පොලිස් අත්තනායක නමින් හැදින්වෙන මිනුවන්ගොඩ, දෙවලපොල නිවසකදී මෙම පොලිස් කොස්තාපල්වරයා මත්කුඩු ග‍්‍රෑම් 7 යි මිලිග‍්‍රෑම් 850 ක් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 2 යි මිලිග‍්‍රෑම් 250 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
පාතාල සාමාජිකයෙක් සමඟ සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් වැඩතහනමට ලක්කර ඇති මෙම සැකකාර කොස්තාපල් ප‍්‍රබල දේශපාලනඥයකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා එම දේශපාලනඥයාට පසුගිය දිනවල චෝදනා එල්ල වී තිබිණි.
එම සිද්ධියෙන් පසු සිය ගම් ප‍්‍රදේශය වු පෑලියගොඩින් පැනගොස් මිනුවන්ගොඩ නිවසේ සැඟව සිටින බවට විශේෂ කාර්ය බළකාය මුලස්ථාන කඳවුර භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන ජීවින් දැන් හූල්ලනු ඇත.
දැන් පොලිසිය කරන්නේ මිනිහෙක්ව අත්අඩංගුවට ගන්න ඕනේ නම් කුඩු ගංජා දාලා බොරු පැමිණිලි ගොතන එක.. එහෙම නම් මේ රටේ කුඩු නවත්වන්න බැහැ... පුළුවන් නම් නියම ජාවාරම් කාරයෝ ටික අල්ලල පෙන්වන්න.. පෞද්ගලික කෝන්තරවලට මිනිස්සු අත්අඩංගුවට නොගෙන..
පොලිසියේත් පොලිස් නිලධාරීන් සහ පොලිස්කාරයින් ඉන්නවා.. මේ අය සීනි, කිරි නැති කහට කෝප්පයකටත් තම රාජකාරිය පාවා දෙන ජාතියක්... !
එල්ලුම් ගහ ස්ථිර වශයෙන් ක්‍රියාත්මකයි.