(නිමල කොඩිතුවක්කු)
උතුරු නැගෙනහිර පළාත තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප‍්‍රකාශය සිදු නොකළ යුතු ප‍්‍රකාශයක් බවත් එවැනි පැරණි කතා කිමෙන් දැන් ඵලක් නොවන බවත් විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ලංකාදීපයට පැවසීය.
සාමයෙන් රට තුල ජීවත් වීම දෙමල ජනතාවගේ බලාපොරොත්තුව බැවින් ඒ අනුව කටයුතු කිරීමට විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුලූ අය ක‍්‍රියා කළ යුතු බවද ඔහු සදහන් කලේය.
සාමය, සංහිදියාව හදන වැඩපිළිවෙළ කඩාකප්පල් නොකිරිම ඒ අයගේ වගකීම බවද විපක්ෂ නායකවරයා පැවසීය.
යාපනයේ යම් සිදුවීම් වෙනවනම් මෙවැනි ප‍්‍රකාශ සිදු නොකර ඒවා නතර කිරිමට නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ඉල්ලා සිටින බවද ආර් සම්බන්ධන් මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
ඇත්තෙන්ම මොහු නිවැරදිය. එම " ඇමති ස්ත්‍රිය " කිසිවිට මහජන නියෝජිතයෙක් යයි කීමට නොපුළුවන. මෙම ස්ත්‍රිය ගමේ මරණාධාර සමිතියක සමාජිකත්වයටවත් නුසුදුසුය.
නොකිවයුතු කතා, ජන්ද ගොඩ වැඩි කර ගැනීමට ඉවහල් වනබව විජයකලා දන්නවා. ඊළඟ ජන්දයේදී ඔබතුමා පසුපසට තල්ලු කරමින් ඇය ඉදිරියට එනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනය දකුණටත් උතුරටත් පොදුයි.
සම්බන්ධන් මහත්තයාගේ කතාව ඇත්ත කොහොම නමුත් නිකම්ම නිකම් කතාවක් අල්ලාගෙන අපේ කට්ටිය හොරු වසන් කරන්න හදන එකනම් පිළිකුල් සහගතයි
හිතේ හංග ගෙන ඉන්නේ නැතුව ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන දේ කෙලින්ම කිවුවා. උතුරේ ඉන්න අනිත් දේසපාලුවෝ කෙලින් නොකියා අපිට පොත දාගෙන හොරෙන් වැඩේ දෙන්න හදන්නේ.
රජයට සම්බන්ධව ඇමති ධූරයක් දරන ගමන් තම ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වා ගැනීම අපොහොසත්වීමේ චෝදනාවෙන් ගැලවෙන්න හා දෙමළ ජනතාව නොමග යවා තම ඡන්ද පදනම වැඩි කර ගැනීමට දරන ලද ප්‍රකාශයකී මෙය.
පක්ෂ පාට, ආගම්,ජාති කුලමවල වලින් අපිට වැඩක් නැහැ.රටේ පුරවැසියෙක් විදිහට ඔබතුමා මේ කල ප්‍රකාශය අගයකොට සලකමි.