(ඉන්දිකා රාමනායක)
බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ නිල කාලය අදින් (03) අවසන් වන බව එම කොමිසමේ ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා පවසයි.
කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සහ පෙත්සම් කිහිපයක විමර්ශන අවසන් නොමැති හෙයින් එම කටයුතු අවසන්කර ගැනීමට නිල කාලය තවත් මාස 6 කින් දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද ලේකම්වරයා කියයි.
2015 වසරේ පිහිටවනු ලැබු මෙම කොමිසමට පැමිණිලි 2000 ක ප‍්‍රමාණයක් ලැබී ඇති බවත් ඉන් බරපතල වංචා විෂය පථයට අදාළ සිද්ධීන් 401 ක විමර්ශන ආරම්භ කර ඇති බවත් ලේකම්වරයා කියයි.
මින් පැමිණිලි 17 ක විමර්ශන අවසන් කර වාර්තා ජනපතිවරයා වෙත බාරදී ඇති බවද ලේකම්වරයා පවසයි.
තවත් විමර්ශන අවසන් පැමිණිලි 17 ක වාර්තා සකස්කරමින් පවතින බව කොමිසම් ආරංචි මාර්ග කියයි.
මෙම පැමිණිලිවලට අමතරව ජලසම්පාදන මණ්ඩලයේ සහ ශි‍්‍ර ලංකා එයාර් ලයින් යන ආයතන සම්බන්ධයෙන් ලැබී ඇති විමර්ශන ආරම්භ කිරීමට නියමිත බවද කොමිසම් ආරංචි මාර්ග පවසයි.
2015 වසරේ ආරම්භ කළ එම කොමිසමේ ධුරකාලය ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී දීර්ඝ කරනු ලැබ තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ හොරකම් මාට්ටුවෙන්න ළංවෙන කොටම, ජනතාවගේ අවසාන වටය මෙන් කොමිසමේ කාලයත් අවසන් වෙලා ...
කොයි කවුරුත් කරන්නේ බොරුව තමයි...
17 විමර්ෂණය නිමා කරන්න අවුරුදු 2 කට වඩා ගියා නම් 2000 ක් විමර්ෂණය කරන්න අවුරුදු 100 ක් වත් යයි. නඩු දාලා අහන්න තව කොච්චර කල් යයිද?
මරුකතරේ දහදුක් විදලා මෙරටට සල්ලි එවපු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සල්ලි කාපු දේශපාලුවන් සහ නිලධාරින් ගැන විමර්ශණය කරලා අවසන්ද?
අන්තිමට බැලුවහම නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ.