(රොමේෂ් මධුෂංඛ)

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංගයට ආණ්ඩුකාරවරයාගෙන් විසඳුමක් නොලැබුණහොත් මීළඟ පළාත් සභා සැසියේදී මහඇමතිවරයා ඉවත් කිරීමට යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා බව  උතුරු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වර්න් මහතාට විරුද්ධව ලබාදුන් විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමිනි.

‘‘පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනකු ඉවත් කිරීමට උතුරු මහඇමතිවරයා ගත් තීරණය හෙළා දකිමින් විපක්ෂයේ මන්ත්‍රී සිව් දෙනෙකු සහ දෙමළ ජාතික සන්ධානයේම උතුරු මහඇමතිවරයා සමග මෙතෙක් කල් කටයුතු කළ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඊයේ (14) එම විශ්වාසභංගය උතුරු ආණ්ඩුකාරවරයාට භාර දුන්නා“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි